බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ජැක්සන් දිවි සැරියෙන් සමුගනී! අපෙන් සමුගත් ජැක්සන් කවුද?

by editor
ඔක්තෝබර් 9, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

රටේ සිටි විශිෂ්ඨතම රංගධරයෙක් වූ ජැක්සන් ඇන්තනී   අභාවප්‍රාප්ත වූයේය. ඔහු පසුගිය මාස 14ක කාලය තුළ සිටියේ කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමිනි.

2022.07.02 දින  ජැක්සන් ඇන්තනී,  ඔහුගේ සොයුරු සමන් ඇන්තනි, සහ ඉරේෂ් ලක්මාල් නැමැති තරුණයෙක් සහිත තිදෙනෙක්   ගමන්ගත් මෝටර් රථය අනුරාධපුර – තලාව  මාර්ගයේ මොරගොඩ ජල ටැංකියට නුදුරින්  ප්‍රදේශයේ වල් අලියකුගේ සිරුරේ ගැටීමෙන් බරපතල අනතුරකට ලක් වී තිබිණි.

මෙම ස්ථානය වන අලි මාරු වන තැනකි.  එදින ගල්ගමු බුදුරුවකන්ද ප්‍රදේශයේ කළ චිත්‍රපට රූගත කිරීමකින් අනතුරුව ඔවුන් රාත්‍රියේ අනුරාධපුරය දක්වා ගමන් කරමින් සිටිය දී මෙම අනතුරට මුහුණ දුන්නේය.

බරපතල තුවාල සහිතව අනුරාධපුර රෝහලට ඇතුළත් කළ ප්‍රවීන රංගන ශිල්පී ජැක්සන් ඇන්තනි එතැනින් කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයට මාරු කළ අතර මාස 14ක කාලයක් ඔහු ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ගනිමින් සිටියේය. එතරම් දීර්ඝ කාලයයක් දැඩි සත්කාර ඒකකයක් තුළ ප්‍රතිකාර ලබමින් සිටීම සම්බන්ධව යම් සමාජ කථිකාවක් ද පසුගිය වකවානුව පුරා ඇති වී තිබිණි.

 ජැක්සන් ඇන්තනි කවුද?

කොන්ගානිගේ ජෝසප් මල්සි ජැක්සන් ඇන්තනි හෙවත් ජැක්සන් ඇන්තනී  1958 ජූලි 8 වැනිදා රාගම පොඩිවීකුඹුර ග්‍රාමයේ උපත ලදී.

RelatedPosts

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ඔහුගේ දෙමාපියන් ඔහුව හැඳින්වූයේ “මල්සි” යනුවෙනි. ඔහු හපුගොඩ කනිෂ්ඨ විද්‍යාලයෙන් සහ බණ්ඩාරවෙලශාන්ත මරියා විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලැබීය. පසුව ගණේමුල්ල ගලහිටියාව මධ්‍ය මහා විද්‍යාලයට ඇතුළත් විය. කොළඹ විශ්වවිද්‍යාලයෙන් ඔහුගේ ප්‍රථම උපාධිය ලෙස සිංහල භාෂාව සහ සාහිත්‍යය පිළිබඳ ගෞරව උපාධියක් ලබා ගත්තේය.

අනතුරුව ඔහු ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ජනමාධ්‍ය පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය ලබා ගත්තේය. පියා වන කෝංගනිගේ බෙනඩික්ට් ඇන්තනී සහ ඔහුගේ මව පොඩිවී කුඹුරේ රොලින් පෙරේරා ජැක්සන් දරුවාගේ සාර්ථකතවය බව ජැක්සන් නිතර සිහිපත් කළ දෙයකි.

ජැක්සන්ගේ මවුපියන් ජීවත් වූයේ ඔහුගේ උපන් ගම වන රාගම පොඩිවීකුඹුරේය. ඔහුගේ සීයා පේදුරු ඇන්තනි, ලංකා විදුලිබල මණ්ඩලයේ ඕවර්සියර්වරයකු ලෙස සේවය කළේය.  ජැක්සන්ගේ පවුලේ සහෝදරයන් පස් දෙනෙකි. වැඩිමහල් සහෝදරයා සේනක ටයිටස් ඇන්තනි

මාධ්‍යවේදියකු ලෙස මාධ්‍ය ආයතන කිහිපයක සේවය කළ අතර දක්ෂ චරිතාංග නළුවකු විය. 2017 ඔක්තෝම්බර් 23 වන දින සිංගප්පූරුවේදී ඔහුගේ වැඩිමහල් සොහොයුරා වකුගඩු හා අක්මාව අකර්මණ්‍ය වීම හේතුවෙන් මිය ගියේය. ඔහුගේ අනෙකුත් සහෝදරයන් වන්නේ සුදත් ඇන්තනි, සමන් ඇන්තනි සහ මොහාන් ඇන්තනි ය.

ජැක්සන් බිරිඳ වන්නේ කලා ලොවේ කවුරුත් දන්නා කුමාරි මුණසිංහය. ඇය දක්ෂ නිළියකි, ගායිකාවකි. ජැක්සන් සහ කුමාරි,  අකිල ධනුද්දර හා සජිත ධනුද්දර නම් පුතනුවන් දෙදෙනෙකු සහ මාධවී වත්සලා ලෙස රටේ කවුරුත් දන්නා ජනප්‍රිය දරුවන් තිදනකුගේ මව් පිය යුවළකි. දියණිය මාධවී

වත්සලා රූපවාහිනී නිවේදිකාවක්, නිළියක් සහ ගායිකාවක් ලෙස ක්ෂේත්‍රයේ රැඳී සිටින්නීය. වැඩිමහල් පුත් අකිල ධනුද්දර ද රූපවාහිනී නිවේදකයෙක්, නිරූපණ ශිල්පියෙක් සහ නළුවෙකි.

ඔහුගේ බාල පුත්, සජිත අනුත්තර ද රූපවාහිනී වැඩසටහන් ඉදිරිපත් කරයි. ගායකයකු හා සම්මානලාභී නළුවකු ද වේ. ඔහු ඉතා ජනප්‍රිය වූ සූරිය අරණ චිත්‍රපටයෙහි දඩයක්කාරයාගේ පුතාගේ චරිතය නිරූපණය  කළේය. සජිත කැලණිය විශ්වවිද්‍යාලයේ උපාධිධාරියෙකි

ජැක්සන් ඇන්තනී ශ්‍රී ලංකා සිනමාවේ, වේදිකාවේ සහ රූපවාහිනියේ නළුවෙකි. රංගනයට අමතරව අධ්‍යක්ෂක, නිෂ්පාදක, ගායක, තිර රචක, රූපවාහිනී පූරක, නවකතා රචක, තීරු රචක, ගීත රචක, ඉතිහාසඥ සහ සංචාරක යන අංශ තුළද සිය සහජ දක්ෂතා මනරම් ලෙස පිළිඹිමු කර ඇත. ජැක්සන්    හොඳම නළුවාට හිමි සම්මානය වාර්තාගත ලෙස දහසය වතාවක් දිනාගත් විශිෂ්ඨයෙකි.

නිර්මාණ ඉතිහාසය 

ඊ.එම්.ඞී.උපාලිගේ ‘‘මෙතනින් මාරුවෙනු’’ නාට්‍යයෙන් ප්‍රසිද්ධ වේදිකාවට පැමිණියේය.    ඉන්පසුව ‘‘මරාසාද්’’, ‘‘මධුර ජවනිකා’’,‘‘ලෝම හංස’’, ‘‘ධවල බීෂණ’’, ‘‘අත්’’, ‘‘මෝරා’’, වැනි ජනප්‍රිය වේදිකා නාට්‍ය රැසක ඔහු රඟපෑවේය. ‘

“තාරාවෝ ඉගිලෙති’ වේදිකා නාට්‍යය ඔහුගේ කලා ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යයක් විය. ඒනම් චිත්‍රපටය ඔහුට විවෘත වූයේ මෙතැන් සිට වීමය.

1993 දී ඔහු සිනමා කර්මාන්තයට පැමිණියේය. ගුරු ගෙදර, චිත්ති, අයෝමා සහ ලොකු දුව යන චිත්‍රපටවල රංගනයෙන් දායක වූ ජැක්සන් පසුව භව දුක, භව කර්ම, ගිනි අවි සහ ගිනි කෙළි, අස්වැසුම, අග්නි දහය, සූරිය අරණ, මිල්ලේ සොයා සහ රන්දිය දහර වැනි චිත්‍රපටවලින් තම දක්ෂතා පෙන්නුවේය

එසේම ඔහු ටෙලි නාට්‍ය නළුවෙකු ලෙසද තම හැකියාව විදහා දැක්වීය. ඔහුගේ ජනප්‍රියම ටෙලි නාට්‍ය චරිත කිහිපයක් අතර පළිඟු මැණිකේ, ඇල්ල ලග වලව්ව, සුසීමා, වෙද හාමිනේ, කඩුල්ල, අකාල සන්ධ්‍යා, පිටගම්ගරයෝ යන කතාමාලා විය.

1992 දී ඔහු සිය මංගල ටෙලි නාට්‍යය “ඇසළ කළුවර” අධ්‍යක්ෂණය කළේය. 1990 දී ‘භූමිකා 7’ ඉන්පසුව 2014 වසරේ ඔහු දෙවැනි ටෙලි නාට්‍ය අධ්‍යක්ෂණය කළේ ‘‘දස්කොන්’’ය.

ඔහු ශ්‍රී ලංකාවේ බ්ලොක්බස්ටර් චිත්‍රපට කිහිපයක් ද අධ්‍යක්ෂණය කර ඇත. ඔහුගේ පළමු අධ්‍යක්ෂණය වන ‘‘ජුලියට්ගේ භූමිකාව’’ ය.  පාරාදීසය ඔහු විසින් අධ්‍යක්ෂණය කළ තවත් චිත්‍රපටයක් විය.

අබා, ශ්‍රී ලංකාවේ මිල අධික චිත්‍රපටයක් නිර්මාණය කර ඇති බව කියන චිත්‍රපටය බොහෝ සිනමා උළෙලවල් වලදී සම්මානයට පාත්‍ර විය. ඔහු විසින් අධ්‍යක්ෂණය කරන ලද ඇඩ්‍රස් නෑ චිත්‍රපටය චිත්‍රපටය අධ්‍යක්ෂණය කළේය.

2017 දී ඔහු ශ්‍රී ලාංකික නිළියක් වූ පියුමි හංසමාලි සමඟ අනිල් කුමාර් විසින් අධ්‍යක්ෂණය කරන ලද ලක්නව් නම් කේරළ සිනමා නිෂ්පාදනයට සම්බන්ධ විය.

ජැක්සන් ක්ලැරන්ස් විජේවර්ධන සමඟින්, සිතේ සුසුම් නිවනා ගායන, දෑස පිය ගත් කල, බිරිය කුමාරි මුණසිංහ සමග ගයන “ලන්දේ උකුල උඩ” පවුලේ සාමාජිකයන් සමඟ ගයන අහස පොළව උහුලනවලු ගීතයටත්  විශාල ජන ප්‍රසාදයක් හිමි වූයේය.

දිවි සැරියෙන් සමුගත් ජැක්සන් ඇන්තනි කලාකරුවානන්ට නිර්වාණ සම්පත්තිය අත්වේවායි පතමු.

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ඊශ්‍රයාලය තුළ සිදුවෙමින් ඇත්තේ කුමක් ද?…..

Next Post

කළුතර පන්සලක හිමිනමකගේ ලක්ෂ 11ක් සොරකම් කරලා…

Related Posts

kuwait-airport-mn-
පුවත්

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026
පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
kuwait-airport-mn-

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
ADVERTISEMENT
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!
  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!
  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.