ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු මහලේකම් දයාසිරි ජයසේකරට විනය පියවර ගැනීම වළක්වාලමින් නිකුත්කර තිබූ වාරණ නියෝගය අත් හිටුවීමට කොළඹ දිසා අධිකරණය ඊයේ (26) තීරණය කර තිබේ.
දයාසිරි ජයසේකරට විනය පියවර ගන්නා බවට දැනුම් දෙමින් ලිපියක් නිකුත් කිරීමට පක්ෂයේ මධ්‍යම කාරක සභාවට බලයක් ඇතැයි ද එම සත්‍ය කරුණු වසන් කරමින් දයාසිරි ජයසේකර මෙම වාරණ නියෝගය ලබාගෙන ඇතැයි ද පෙන්වා දෙමින් ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා කළ ඉල්ලීම පිළිගෙන ඔක්තොම්බර් 05 වැනිදා දක්වා බලපැවැත්වෙන පරිදි නිකුත් කර තිබූ වාරණ නියෝගය අත්හිටුවීමට කොළම දිසා විනිසුරු සඳුන් විතාන නියෝග කළේය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විනය කඩ කළ බවට චෝදනා කර දින 14ක් තුළ ඊට පිළිතුරු ලබා දෙන ලෙස දන්වමින් ශ්‍රි ලංකා නිදහස් පක්ෂ සභාපති මෛත්‍රිපාල සිරිසේන විසින් දයාසිරි ජයසේකරට එරෙහි නිකුත් කර ඇති ලිපිය බල රහිත කරන ලෙස ඉල්ලා ගොනු කල පෙත්සමක් මගින් ඔහු විසින් අධිකරණයෙන් මෙම වාරණ නියෝගය ලබාගෙන තිබිණි.
වාරණ නියෝගය අත් හිටුවීමට නියම කළ දිසා අධිකරණය නොවැම්බර් මස 05 වැනිදා පෙත්සම යළි කැඳවීමට නියම කළේය.







