අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පුතා එක්ක ගියේ ඇයි… විදේශ ඇමති හේතුව කියයි!

by editor
සැප්තැම්බර් 23, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි නිව් යෝර්ක්හි එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයට සමගාමීව නිල රැස්වීම් කිහිපයකට තම පුත්‍රයාගේ සහභාගීත්වය  පිළිබඳ පැහැදිලි කරමින් ප්‍රකාශයක් නිකුත් කර තිබේ.

එක්සත් ජාතීන්ගේ සංවිධානයට සමගාමීව පැවති උත්සවයකට විදේශ අමාත්‍ය අලි සබ්රි සිය පුත්‍රයා සමඟ එක්ව සිටින ඡායාරූපයක් සමාජ මාධ්‍ය තුළ පුළුල් ලෙස සංසරණය වීමත් සමග විදේශ ඇමතිවරයා මෙම පැහැදිලි කිරීම සිදුකර ඇත.

අලි සබ්‍රිගේ  පුත්‍රයා නිල දූත පිරිසට අයත් වන්නේ මන්දැයි බොහෝ  දෙනා ප්‍රශ්න කර තිබිණි. ඔවුන් චෝදනා කළේ    විදේශ අමාත්‍යවර‍යා ඥාති සංග්‍රහයක් සිදු කර ඇති බවය.

විදේශ ඇමතිවරයා ඒ සම්බන්ධව දීර්ඝ පැහැදිලි කිරීමක් කළේය.

ඔහු පවසන්නේ  එක්සත් ජාතීන්ගේ සංවිධානයට සමගාමීව පැවති ද්විපාර්ශ්වික රැස්වීම් කිහිපයකට සිය පුතාගේ  පැමිණීම පිළිබඳව සමාජ මාධ්‍යවල මතු වූ කනස්සල්ල දැකීමෙන් මෙම පැහැදිලි කිරිම කරන බවය.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ඇමතිවරයා කියන්නේ විදේශ අමාත්‍යවරයා සෙල ස්වකිය වගකීම්වලට අමතරව   ජනාධිපතිවරයා සමග     ඉහළ මට්ටමේ රාජ්‍ය තාන්ත්‍රික හමුවලට සම්බන්ධ වීමත්,  විදේශ අමාත්‍යවරයා     ලෙස   එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සහ වොෂන්ටන් හි තම සංචාරවල  සැලැස්ම අනුව   ඉතාම දැඩි කාලසටහනක් පවත්වාගෙන යෑමටත් සිදු වී ඇති බවය.

මෙම ගමනට ශ්‍රී ලංකාව නියෝජනය කිරමින් සිදුකරන හමුවීම්  දහයක් සහ දේශන පැවැත්වීම,  ප්‍රසිද්ධ හමු තුනක සඳහා එක්වීමත්    ද්විපාර්ශ්වික සහ බහුපාර්ශ්වික රැස්වීම් රාශියකට සහභාගී වීමත්  ඇතුළත්  බව ඇමතිවරයා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ මෙම  විස්තීර්ණ වැඩ බර සඳහා ගැඹුරු පර්යේෂණ, ලිවීම සහ සූක්ෂම සූදානමක් අවශ්‍ය වේ.

“අමාත්‍යවරුන්ට ඔවුන්ගේ වගකීම්  ඉටු කිරීමට සහාය වීම සඳහා, වැටුප් ගෙවන සහ ස්වේච්ඡා සම්පත් දායකයින්ගෙන්  සමන්විත අමාත්‍ය කාර්යාංශයක් පවත්වා ගත හැකි බව ඇමතිවරයා පෙන්වා දෙයි.

“ඔහු කාලයක් තිස්සේ මගේ ඉල්ලීම පරිදි තාවකාලික, ස්වේච්ඡා පදනමක් මත පර්යේෂණ සහකාර සහ කෙටුම්පත් ලේඛකයෙකු ලෙස මට සහාය වී තිබෙනවා. ඔහු දැනට එක්සත් ජනපදයේ සිය අධ්‍යයන කටයුතු කරගෙන යන බැවින්,  එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සම්මන්ත්‍රණය පවත්වාගෙන යන සමයේ    දින කිහිපයක් සඳහා ඔහුගේ කාලය සහ විශේෂඥ දැනුම ලබා දීමට ඔහු ස්වේච්ඡාවෙන් ඉදිරිපත්  වෙනවා. “

“මෙම තීරණාත්මක කටයුතු සඳහා මාව සූදානම් කිරීමට ඔහුගේ දායකත්වය මට උපකාර වූ බව පිළිගැනීමට මම සතුටුයි. වැදගත්ම දෙය නම්, ඔහු වෙනුවෙන් විදේශ අමාත්‍යාංශය හෝ ශ්‍රී ලංකා රජය එක රුපියලක්වත් වියදම් කර නොතිබීමයි.”

“ඔහු මෙම කටයුතුවලට සම්බන්ධ වීම සඳහා හෝ වෙනත් කිසිම අවස්ථාවක බදු ගෙවන පුද්ගලයන් ඔහුගේ පිරිවැය ශතයක්වත් දරා නැහැ.   ඔහුගේ දායකත්වය සම්පූර්ණයෙන්ම ස්වේච්ඡාවෙන් සිදු වූවක්.”

තමන්ගේ  නියෝජිතයින්ගෙන් වගවීම විමසා   සිටීමට මහජනතාවට සෑම අයිතියක්ම ඇති බව මම තරයේ විශ්වාස කරනවා.  ඒ නිසාම ඔබේ දැනුවත් විනිශ්චය සඳහා කරුණු සැපයීමට මා කැප වී සිටිනවා.”

විදේශ ඇමතිවරයා පවසා තිබිණි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

කුරුඹුරු අක්කර 62 141ක් විනාශයි… ඉදිරි මහ කන්නයේ අස්වැන්න තීරණාත්මකයි… කෘෂිකර්ම අමාත්‍යාංශය කියයි!

Next Post

සෞඛ්‍ය අමාත්‍යාංශයේ වාහන 439ක් අතුරුදහන්… විගණනය හෙළි කරයි…

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • “අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්”… විලි ලජ්ජයි හොඳේ! යෝෂිතගේ “නේවි රෝල් එක” අධිකරණයේ දී හෙළි කළ තිත්ත කතාව…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.