කාගීල්ස් ෆුඩ්සිටි හංවැල්ල ශාඛාවේ සේවක සේවිකාවන් පිරිසක් තරුණියකට අමානුෂික ලෙස පහර දෙන සීසීටීවී දර්ශන සමාජ මාධ්‍ය තුළ සංසරණය වෙමින් තිබේ.
ඇයට පහර දෙනු බලන්නේ බිම දමාගෙනය.
යම් කිසි සොරකමක් පිළිබඳව උපන් සැකයක් මුල් කරගෙන මෙම පහරදීම සිදුකරන බව ප්‍රකාශ වී ඇත. ප්‍රධාන වශයෙන්ම එහි සේවිකාවක් සහ සේවකයෙක් විසින් සිදුකරන මෙම පහරදීමට පෙර ප්‍රවේශ දොරටුව අගුලු ලන ආකාරය පෙනෙන්නට තිබේ.
කෙසේ වෙතත් නීතිය අතට ගෙන සිදුකරන මෙවැනි අශිෂ්ට මැරකම් මහා ව්‍යාපාර ජාල බිඳ දැමීමට තරම් ප්‍රබල බව වටහා ගැනීම වැදගත්ය.







