මහනුවර ඇසළ පෙරහැර පැවැත්වුන දින දහය තුළ නගර සීමාව තුළ කසල ටොන් 250 කට වැඩි ප්‍රමාණයක් එකතු වූ බව මහනුවර මහ නගර සභාවේ කසළ කළමනාකරණ ඒකකයේ ප්‍රධාන ඉංජිනේරු නාමල් දිසානායක පවසයි.
පෙරහරෙන් නරඹන්නන් රැගෙන එන පොලිතින් ඉවත ලන ආහාරපාන ඇතුළු ඉවත ලන කසළ ප්‍රමාණය දිනකට ටොන් 25ක් පමණ වු බවද ඔහු කීය.
පෙරහර සඳහා පැමිණි අලි ඇතුන් සියයකට ආසන්න සංඛ්‍යාවක් ගාල් කර ඇති ස්ථානයන්හි ඉවත ලන අලි කොටන් අලිබෙටි ඇතුළු අපද්‍රව්‍ය ටොන් 15 කට වැඩි ප්‍රමාණයක් දිනකට එකතු බව ද හෙතෙම පැහැදිලි කළේය.
පෙරහර නරඹන්නන් රැගෙන පැමිණි ප්ලාස්ටික් බෝතල් පොලිතීන් සෙල්ලම් භාණ්ඩ කෑම පෙට්ටි වැනි අපද්‍රව්‍ය ටොන් පහකට ආසන්න ප්‍රමාණයක්ද ඉවත ලන ආහාර ද්‍රව්‍ය ටොන් පහකට වැඩි ප්‍රමාණයක්ද දිනකට එකතු වී තිබිණි.
මේ වන විට එම අපද්‍රව්‍ය ටොන් 250ට වැඩි ප්‍රමාණය ගොහාගොඩ දී ප්‍රතිචක්‍රිකරණය සදහා වර්ගීකරණය කරමින් සිටින බවද මෙපමණ කුණු තොගයක් වර්ගීකරණය කිරීම පහසු නොවන බව ද හෙතෙම පැවසීය…







