නව ගෙවීම් ක්‍රමවේදයක් සකස් කරන තුරු “අස්වැසුම” ප්රතිලාභ වැඩසටහන යටතේ වකුගඩු රෝගී, ආබාධිත සහ අඩු ආදායම්ලාභි වැඩිහිටි දීමනා නොවෙනස්ව, පෙර පැවති පරිදි පුද්ගලයන් 647,683 ක් සදහා ගෙවීමට ප්‍රතිපාදන වෙන් කර ඇති බවත්, ඉදිරි දින කිහිපය තුළ ගෙවිම සිදුකිරීමට නියමිත වන බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පවසයි.
ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
ඒ අනුව පොරොත්තු ලේඛන ද ඇතුලත්ව 517,962 දෙනෙකු සඳහා වැඩිහිටි දීමනාවත්, 88,602 දෙනෙක් සඳහා ආබාධිත දීමනාව හා 41,119 දෙනෙක් සඳහා වකුගඩු රෝගී දීමනාවත් ලබා දීමට නියමිත බව රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරයි.
වැඩිහිටි දීමනා තැපැල් කාර්යාල මගින් ද ආබාධිත සහ වකුගඩු දීමනාව ප්‍රාදේශීය ලේකම් කාර්යාල මගින් ද ලබා ගැනීමේ හැකියාව පවතී.