ශ්‍රියානි විජේසිංහ –
කොළඹ ජාතික දන්ත රෝහලේ දන්ත සංරක්ෂණ B සායනයේ සේවය කළ එකම විශේෂඥ වෛද්‍යවරයා විදේශ ගතවිම හේතුවෙන් එම සායනයනට පැමිණෙන රෝගීන් මහත් අසීරුතාවකට පත්වා ඇතැයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.
මෙම සායනයට දිනක් රෝගීන් 30 – 40 අතර සංඛ්‍යාවක් පැමිණෙන බවත් මේ වනවිට ඔවුන්ට විශේෂඥ වෛද්‍ය සේවාව ලබා ගැනීමට නොහැකි වී ඇති බවත් වාර්තා වේ.
මෙම වෛද්‍යවරයා විදේශ ගතව ඇත්තේ තමාට හිමි නිවාඩුවලටත් වඩා වැඩියෙන් නිවාඩු අනුමත කරගෙන බවත් වාර්තාවේ.
මොහු විදේශගත වීමෙන් අනතුරුව දන්ත රෝහලේ සංරක්ෂණ A කොටසේ විශේෂඥ දන්ත වෛද්‍යවරයා වෙත පැමිණෙන රෝගින් සංඛ්‍යාවේ සීග්‍ර ඉහළ යාමක් පෙන්වන අතර ඔහුද මේ වන විට දැඩි අසීරුවකට පත්ව ඇතැයි රෝහල් ආරංචි මාර්ග කියයි.







