ලලිත් චාමින්ද
ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තු නව ගොඩනැඟිල්ලේ සී.සී.ටී.වී කැමරා පද්ධතිය ස්ථාපනය කොට වසර 10ක් ගත වී තිබුණද එහි අඩුපාඩු හඳුනාගෙන නිවරදි කිරීමට කටයුතු කර නොතිබිම හේතුවෙන් ජාතික වටිනාකමක් ඇති ලේඛන සදහා ප්‍රමාණවත් ආරක්ෂාවක් සැපයීමට දෙපාර්තමේන්තුව විසින් කටයුතු කර නොතිබූ බව ජාතික විගණන කාර්යාලය පවසයි.
2012 වර්ෂයේ දි නව ගොඩනැඟිල්ලේ ස්ථාන 23ක සී.සී.ටී.වී කැමරා සවිකර තිබු නමුත් මෙම වර්ෂයේ අප්‍රේල් මස වන විටද ක්රියාකාරිතත්වයේ පවතින කැමරා සංඛ්‍යාව 09ක් පමණක් බවද විගණනය මගින් අනාවරණය කොට ඇත. පුද්ගලික ආයතනයක් විසින් මෙහි සී.සී.ටී.වී කැමරා පද්ධතිය ස්ථාපිතකොට තිබූ අතර වගකීම් කාලය අවසන් වීමෙන් පසු නඩත්තු හා සේවා කටයුතු සදහා දේපාර්තමේන්තුව සහ මෙකි ආයතනය අතර සේවා ගිවිසුමක් නොතිබීම හේතුවෙන් සී.සී.ටී.වී කැමරා පද්ධතියේ අලුත්වැඩියා කටයුතු ක්‍රමානුකුලව සිදු වී නොමැති බවද විගණන වාර්තාවේ සඳහන් වේ. එමෙන්ම ලේඛන සංරක්ෂණ තනතුරු සඳහා අනුමත සේවක සංඛ්‍යාව 27ක් වුවද දැනට සිටින්නේ සේවකයන් 02කු පමණි. සේවක හිඟය නිසා සංරක්ෂණ කළයුතු තත්ත්වයේ පවතින ලේඛන කලට වේලාවට සංරක්ෂණමය ක්‍රියාවලියට භාජනය නොකිරීම නිසා මෙම ලියවිලිවල භෞතික තත්ත්වය දිනෙන් දින විනාශ වෙමින් පවතී. මෙම තත්ත්වයට රාජ්‍ය ලේඛන විධිමත් ලෙස කළමනාකරණය කිරීමේ අවශ්‍යතාවටද අහිතකර ලෙස බලපැම් ඇති වී තිබෙන බව විගණන වාර්තාවේ සඳහන් වේ.
මේ සම්බන්ධයෙන් ප්‍රධාන ගණන් දීමේ නිලධාරියා විගණනයට සඳහන්කොට ඇත්තේ මෙකී වර්ෂය තුළදී සී.සී.ටී.වී කැමරා පද්ධතිය අලුත්වැඩියා කිරීමට බලාපොරොත්තුවන බවත් සේවක හිඟයට පිලියමක් ලෙස නව බඳවා ගැනීම් සිදුකිරීමට කටයුතු කරන බවත්ය.







