උඩවලව ජලාශයට ජලය නිකුත් නොකිරීම හේතුවෙන් උඩවලව දියවරින් ගොවිතැන් කටයුතු කළ ගොවීන් ගේ වගා විනාශය නිසා සිදුවන ජීවිත ව්යසනයය පිළිබඳව අද (07) පෙරවරු 11.30ට මානව හිමිකම් කොමිසම හමුවවේ පැමිණිල්ලක් සිදුකිරීමට සමස්ත ලංකා ගොවිජන සම්මේලනය තීරණය කර තිබේ.
වලව කලාපයේ ගොවීන්ගේ ජල ගැටලුව විසඳීම ආණ්ඩුව දිගින් දිගටම ප්රමාද කිරීම හේතුවෙන් අදාළ පැමිණිල්ල සිදුකිරීමට තීරණය කළ බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනය ජාතික සංවිධායක නාමල් කරුණාරත්න පැවසුවේය.
ජලය මුදා හැරීමේ ප්රමුඛතාවය නොසලකා හරිමින් කටයුතු කරන රජයේ ක්රියාකලාපයට විරෝධය පළ කරමින් ඉදිරියේ දී ගොවිජන හර්තාලයක් ක්රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව ජාතික ගොවිජන එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකොන් ප්රකාශ කර ඇත.







