ශ්‍රියානි විජේසිංහ –
මින් ඉදිරියට හදිසි මිලදී ගැනීමට සිදු නොකරන බවට සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඊයේ (7) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කළද එය කිසිවිටකත් නතර කළ නොහැකි බව සෞඛ්‍ය අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයකු ලංකාසරට පැවසුවේය.
ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ලියා පදිංචි වී ඇති ඖෂධ සමාගම් හරහා ඖෂධ ඇනවුම් කළද ඒවා කළට වේලාවට ලබා නොදීම හේතුවෙන් ඇතිවන ඖෂධ හිඟය පියවා ගැනීමට හදිසි මිලදී ගැනීම් අනිවාර්යයෙන්ම සිදුකළ යුතු බවත් එසේ නොවන්නේ නම් රෝහල් තුළ උග්‍ර ඖෂධ හිඟයක් ඇතිවන බවත් ඔහු පෙන්වාදේ.
එම ඖෂධ හිඟය පියවා ගැනීමට ලියාපදිංචි ඖෂධ සමාගම්වලින් ඖෂධ ලැබෙන තෙක් බලා සිටීමට සිදුවනු ඇති බවද එසේ වුවහොත් රෝගීහු දැඩි අසීරුවකට පත්වනු ඇති බවද හෙතෙම පවසා සිටියි.
සෞඛ්‍ය ඇමතිවරයාට එවැනි ප්රකාශකයක් කිරීමට දැනුම්වත් කළේ සෞඛ්‍ය අමාත්‍යංශයේ ඖෂධ ඇනවුම් සම්බන්ධයෙන් කිසිදු දැනුමක් නොමැති නිලධාරියෙකු විය හැකි යැයිද එම ප්‍රකාශකයා පැවසුවේය.