දිනසේන රතුගමගේ
මන්නාරමේ සිට කොළඹට බලපත්‍ර නොමැතිව ලොරියකින් ප්‍රවාහනය කරමින් තිබූ මුහුදු කූඩැල්ලන් පැටව් 2500 ක් කැස්බෑ පැටවුන් 800 ක් හා මුහුදු බෙල්ලන් තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙකු යුද හමුදාව විසින් විසින් 3 දා අත්අඩංගුවට ගෙන තිබේ.
මන්නාරම නගරාසන්නයේ පිහිටි පාලම අසලදී මෙම ලොරිය පරීක්ෂාවට ලක් කළ අවස්ථාවේදී පණ පිටින් රැගෙන යමින් සිටි මුහුදු කූඩැල්ලන් පැටව් හා කැස්බෑ පැටව් අත්අඩංගුවට ගැනීමට හැකි වී තිබේ.

මෙම මුහුදු ජීවීන්ගේ වටිනාකම රුපියල් කෝටි දෙකහමාරක් පමණ වන බව මන්නාරමේ ධීවර පරීක්ෂක කාර්යාලයේ නිලධාරීන් පැවසීය.
අත්අඩංගුවට ගත් පිරිස පල්ලවරායන් කට්ටු ප්‍රදේශයේ අය බවට අනාවරණ වී ඇති අතර සැකකරුවන් මන්නාරම දිස්ත්‍රික් සමුද්‍රීය කර්මාන්ත දෙපාර්තමේන්තුවේ නිලධාරීන් වෙත භාරදී තිබේ.
සැකකරුවන් මන්නාරම අධිකරණයට ඉදිරිපත් කිරීමට නිලධාරීන් පියවර ගෙන තිබේ.







