සෞඛ්‍ය සේවාවට අදාළ ගැටලු මාධ්‍යට නිරාවරණය කිරීම තහනම් කරමින් සෞඛ්‍යය ලේකම්වරයා නිකුත් කරන ලද චක්‍රලේඛයට එරෙහිව සෞඛ්‍යය වෘත්තිය සමිති හෙට (02) දිනයේ දී සිදුකිරීමට නියමිත වූ වැඩ වර්ජනය තාවකාලිකව අත්හිටවීමට තීරණය කර ඇතැයි සෞඛ්‍ය සේවක වෘත්තීය සමිති කමිටුව පවසයි.
මේ පිළිබඳව සාකච්ඡා කිරීමට සෞඛ්‍ය ලේකම්වරයා අද දින කැඳවා තිබූ සාකච්ඡාවෙන් අනතුරුව වෘත්තීය ක්‍රියාකාරීන් මෙම තීරණය ගෙන තිබේ.
අද දින සාකච්ඡාවේදී ආයතන සංග්‍රහය ට අනුකූලව සහ වෘත්තීය සමිති නායකයන් සහ වෘත්තීයවේදී ආයතනවල ප්‍රධානීන්ට ඇති අයිතිය තමන් උල්ලංගනය නොකරන බවත්, ඒ අයිතිය වෘත්තිය සමිති වලට තවදුරටත් තිබෙන බවත් සෞඛ්‍ය ලේකම්වරයා ප්‍රකාශ කර ඇත.
වෘත්තිය සමිති මර්දනය කිරීම සඳහා තමන් කිසිසේත්ම කටයුතු නොකරනවා සේම සෞඛ්‍ය සේවාවේ යහපැවැත්ම වෙනුවෙන් අදහස් දැක්වීමේ දී සැලකිලිමත් වෙන ලෙස පමණක් සෞඛ්‍ය ලේකම්වරයා වෘත්තීය සමිතිවලින් ඉල්ලා තිබේ.







