පාකිස්ථානයේ ඩොලර් බිලියන 2ක ණය මුදල වසර දෙකක කාලයක් සඳහා නැවත සැලසුම් කිරීමට චීනය එකඟ වී ඇති අතර එය පාකිස්ථාන රජය විශාල සහනයක්ව ඇති බව ද ‘ඒආර්වයි’ ප්රවෘත්ති වාර්තා කරයි.
මූලාශ්රවලට අනුව, ණය අය කර ගැනීම ප්රමාද කිරීම සම්බන්ධයේ චීන ‘එක්සිම් බැංකුව’ නිල වශයෙන් පාකිස්ථානයට ලිපියකින් දැනුම් දී ඇති අතර ණය සඳහා අමතර පොලියක් අය කර ගැනීමෙන් ද පාකිස්ථානය නිදහන් කර තිබේ.
නව ණය හරහා විදේශ විනිමය සංචිත යළි ගොඩැනංවීමේ ක්රියාවලියක යෙදී සිටින සේම ණය ප්රතිව්යුහගත කිරීමේ ක්රියාවලියක නියැලී සිටින පාකිස්තාන රජයට අති විශාල සහනයක් වී ඇත.
විශේෂයෙන්, පකිස්ථානයට ණය ගිවිසුම් 31 හි ණය මුදල ආපසු ගෙවීමට ඇති අවසාන දිනය 2023 ජූලි 21 සිට 2025 ජුනි 30 දක්වා වැඩි කර ඇති බව ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.
මීට පෙර, පකිස්ථාන අගමැති ෂෙබාස් ෂරීෆ් කියා සිටියේ චීනය පකිස්ථානයට ඩොලර් මිලියන 600 ක ණයක් ලබා දී ඇති අතර එමඟින් රටේ විදේශ විනිමය සංචිත ඉහළ නැංවීමට උපකාරී වන බවයි.







