දිනසේන රතුගමගේ
වවුනියාවේ සැරිසරන මැරයන් වවුනියාවේ ප්‍රදේශ දෙකක නිවෙස්වලට ඇතුළු වී පුද්ගලයන් දෙදෙනෙකු 27 දා රාත්‍රී කපා කොටා ඔවුන්ට තුවාල සිදු කොට තිබේ.
වවුනියාවේ නොච්චිමුට්ටේ ප්‍රදේශයේ නිවසක සිටි හතර දෙනෙකුව කපා කොටා තුවාල සිදු කළ අවස්ථාවේදී එම නිවසේ සිටි අයෙකු එල්ල කල ප්‍රහාරයකින් මැරයින්ගෙන් එක් අයෙකු තුවාල ලබා ඇති බවට සලකුණු දක්නට ඇතත් ඔහු මේ දක්වා කිසිම රෝහලකට හෝ වෛද්‍ය මධ්‍යස්ථානයකට ඇතුලත් වූ බවට සාක්කියක් ලැබී නොමැත.
නිවසේ සිටි අයගේ ප්‍රහාරය හමුවේ නිවසේ සිටි දෙදෙනෙකුට තුවාල සිදු කොට එම මැරයන් පලා ගොස් තිබේ.
මේ අතර වවුනියාව ආච්චිපුරම් ප්‍රදේශයේ නිවසකටද මැරයන් පිරිසක් රාත්‍රී කාලයේ ඇතුළු වී නිවසේ අය සෙවූ අවස්ථාවේදී වයෝවෘද්ධ පුරුෂයකු හා වයෝවෘද කාන්තාවක පමණක් ඒ අවස්ථාවේදී එම නිවසේ සිට ඇත.
දරුවන්ගේ නම් කියමින් ඔවුන් ගැන විමසූ අවස්ථාවේදී වයෝවෘද්ධ දෙපල මහා හඩින් කෑ කෝ ගසන්නට වූයෙන් මැරයින් පිරිස පලා ගොස් තිබේ.
මේ වන තුරු එම මැර කණ්ඩායම් දෙක හදුනා ගැනීමට නොහැකි වී තිබේ.
වවුනියාවේ ඕමන්ත හා සිදම්බරපුරම් පොලිසි එම සිද්ධීන් දෙක සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා ගෙන යයි.







