බීබීසී –
හින්දු ජාතිකවාදී භාරතීය ජනතා පක්ෂය බලය හොබවන මිනිපූර් ප්‍රාන්තය තුළ උග්‍ර වෙමින් ඇති වාර්ගික ප්‍රචණ්ඩත්වය පාලනය කිරීමට නොහැකි වූ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ රජයට පාර්ලිමේන්තුවේ දී විශ්වාසභංගයක් ඉදිරිපත් කිරීමට ඒකාබද්ධ වූ විපක්ෂය සූදානම් වේ.
විපක්ෂයේ කොංග්‍රස් පක්ෂ මන්ත්‍රීවරයෙක් අද විශ්වාසභංග යොජනාවයක් ඉදිරිපත් කළේය.
මෝදිගේ පක්ෂයට පාර්ලිමේන්තුව තුළ පැහැදිලි බහුතරයක් ඇති නිසා මෝදි ගේ රජයට මෙම විශ්වාසභංගයෙන් තර්ජනයක් නොවනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග පවසයි.
එහෙත් විපක්ෂ නායකයින් පවසන්නේ මෙම පියවර හේතුවෙන් අග්‍රාමාත්‍ය මෝදිට මනිපූර් වාර්ගික ඛේදවාචකය සම්බන්ධයෙන් කතා කිරීමට බල කෙරෙනු ඇති බවයි.
මනිපූර්හි මෙම වාර්ගික ගැටුම් ඇති වී තිබෙන්නේ බහුතර Meitei කණ්ඩායම සහ Kuki නැමති සුළුතර ගෝත්‍රික පිරිස අතරය. මෙම ගැටුම ඇතිවන්නේ මැයි මාසයේදී ය. මනිපූර් ප්‍රාන්තයේ වාර්ගික ගැටුම් පිළිබඳව අගමැති මෝදිට පාර්ලිමේන්තුව ඇමතීමට මෙම විශ්වාසභංගය හරහා බලකෙරෙනු ඇති බව විපක්ෂය පවසයි. .
වාර්ගික පදනම මත මනිපූර් ප්‍රාන්තයේ ඇති වී තිබෙන වාර්ගික ප්‍රචණ්ඩ ක්‍රියා හේතුවෙන් මේ වනවිට අවම වශයෙන් පුද්ගලයින් 130 දෙනෙකු මිය ගොස් දස දහස් ගණනක් අවතැන් වී ඇත.
පසුගිය සතියේ, මැර පිරිසක් විසින් කාන්තාවන් දෙදෙනෙකු නිරුවතින් පෙළපාලියක ගෙන යන අයුරු දැක්වෙන වීඩියෝවක් මුළු ලෝකයේම කෝපයට සහ හෙළා දැකීමට හේතු විය.
මනිපූර් සම්බන්ධයෙන් තමන්ගේ නිශ්ශබ්දතාව බිඳ දැමීමට මේ සිදුවීම මෝදිට බල කෙරුනි. මෙම සිද්ධිය “ඉන්දියාව ලැජ්ජාවට පත් කර ඇති” බවත්, මෙම ප්‍රහාරකයන් ඉතිරි නොවන බවත් ඔහු පැවසීය.
ෆෙඩරල් ස්වදේශ කටයුතු අමාත්‍ය අමිත් ෂා මේ සතිය මුලදී පාර්ලිමේන්තුවේ පහළ මන්ත්‍රී මණ්ඩලය වන ලෝක් සභාවට ප්‍රකාශ කළේ ප්‍රචණ්ඩත්වය සාකච්ඡා කිරීමට රජය සූදානම් බවත් විපක්ෂය එය වළක්වන බවත් චෝදනා කළේය.
2014 දී බලයට පත් වූ පසු නරේන්ද්‍ර මොදිගේ රජය විශ්වාසභංගයකට මුහුණ දෙන දෙවන අවස්ථාව මෙයයි. මින් පෙර වර්ෂ 2018 දී මෝදි රජයට මුල් වරට විශ්වාසභංගයක් ඉදරිපත් වූයේය. එය පරාජය විය.
විශ්වාසභංගයක් ඉදිරිපත් කළ හැක්කේ ලෝක් සභාවට පමණක් වන අතර අවම වශයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 50 දෙනෙකු ඊට සහාය දෙන්නේ නම් එය පිළිගනු ලැබේ.
එය පිළිගත් පසු කථානායකවරයා දින 10ක් ඇතුළත ඡන්දයක් සඳහා දිනයක් ප්‍රකාශයට පත් කරනු ඇත. ආණ්ඩුවට බහුතරය ඔප්පු කරන්න බැරි වුණොත් ආණ්ඩුවට ඉල්ලා අස්වනන්ට සිදුවේ.
අද (26) කොන්ග්‍රස් පක්ෂයේ සහ” භාරත් රාෂ්ට්‍ර සමිති” යන පක්ෂ දෙක විසින් විශ්වාසභංග යෝජනා දෙකක් ඉදිරිපත් කළහ. එහිදී කොංග්‍රස් පක්ෂය විසින් ඉදිරිපත් කළ දෝෂාභියෝගය පිළි ගනු ලැබිණි.
කථානායක ඕම් බිර්ලා පැවසුවේ සියලු පක්ෂ නායකයින් සමඟ කතා කිරීමෙන් පසු විවාදයට සහ ඡන්දය ප්‍රකාශ කිරීමට දිනයක් ප්‍රකාශයට පත් කරන බවය.
“ පාර්ලිමේන්තුවේ සංඛ්‍යා අපට වාසි නොවන බව අපි හොඳින් දන්නවා,” විපක්ෂ මන්ත්‍රී මනෝජ් කේ ජා අද පැවසීය.
“නමුත් මෙය එය සංඛ්‍යා ගැන ප්‍රශ්නයක් නෙමෙයි. විශ්වාසභංගයකින් පසුව අගමැතිට පාර්ලිමේන්තුවේදී කතා කිරීමට සිදුවනවා. “
“විශ්වාසභංග යෝජනාව අවසන් ආයුධය වන බැවින් එය ඉදිරිපත් කිරීමට විපක්ෂයට බල බලකෙරුණා” යැයි ඉන්දියන් කොංග්‍රස් නායක මානික්කම් තාගෝර් බීබීසී වෙත පැවසීය.







