රුපියල් 35ක මිලක් යටතේ සතොස හරහා ආනයනික බිත්තර අලෙවි කිරීමට සැලසුම් කර ඇති බව වෙළෙඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු සූදානම් වනවිට කොළඹ නගරයේ බොහෝ ස්ථානවල ආනයනික ඉන්දියානු බිත්තර විකණීමට ඇති ආකාරය වාර්තා වේ.
ඉදිරි සතිය තුළ ඉන්දියානු බිත්තර සතොස හරහා අලෙවි කිරීමට ඇමතිවරයා බලාපොරොත්තු වන බව පවසන විට පෙරේදා (22) බොරැල්ල , රාජගිරිය, කිරුළපන අවට වෙළඳසල් රාශියක වෙළෙන්දෝ ප්‍රසිද්ධියේ ඉන්දියානු ආනයනික බිත්තර අලෙවි කරමින් සිටිනු දක්නට ලැබිණි.
කුරුළු උණ රෝගය වැනි කාරණා රාශියක් මත පදනම්ව ආනයනික බිත්තර වෙළෙඳපළේ අලෙවි කිරීමට නිකුත් නොකළ අතර එම බිත්තර බේකරි නිශ්පාදකයින් සඳහා බෙදා හැරුණි.
බිත්තර මිලෙහි ඉහළ යාම සැලකිල්ලට ගනිමින් ඒවා පාරිභෝගිකයින්ට ලබාදීමට තීරණය කර ඇතැයි ද ආනයනික බිත්තර සතොස සහ සුපිරි වෙළඳසල් හරහා විකිණීමට තීරණයක් ගෙන ඇතැයි ද ඇමතිවරයා පවසන විට මෙම බිත්තර සාමාන්‍ය සිල්ලර වෙළෙන්දන් විසින් විකිණීම ආරම්භ කර තිබී ගැටලුවක් බව දේශීය බිත්තර නිශ්පාදකයෝ පවසති.
දෛනිකව බිත්තර ලක්ෂයක පමණ ප්‍රමාණයක් වෙළෙඳපොළට නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව වෙළෙඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු සඳහන් කරයි. බිත්තර එක් රැස් කරගත හැකි ලංකාවේ විශාලතම ශිත ගබඩා ඇත්තේ ඇමතිවරයාගේ ඥාතියෙක් සතුව බව දේශීය බිත්තර නිශ්පාදකයින් විසින් මින් පෙර චෝදනා කර තිබිණි.







