සුමිත් පොතුපිටිය –
බදුරලිය ලත්පඳුර ප්‍රදේශයේ ඊයේ (20) රාත්‍රි වෙඩිතැබීමක් සිදුව ඇති බව බදුරලිය පොලිසිය පවසයි .
වෙඩිතැබීමෙන් බදුරලිය මිදලන ප්‍රදේශයේ පුද්ගලයකු බරපතළ තුවාල ලබා බදුරලිය ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර ඇති අතර ඔහුගේ තත්ත්වය බරපතළ බැවින් කළුතර ශීක්ෂණ රෝහලට යොමුකර ඇති බව රෝහල් ප්‍රකාශකයෙක් කීය.
වෙඩිතැබිම සදහා බෝර 12 වර්ගයේ ගිනි අවියක් භාවිතා කර ඇති අතර එම ගිනිඅවිය සමග වෙඩික්කරුවන බදුරලිය ලත්පදුර ප්‍රදේශයේ පදිංචි රෝස බට්ටා නමැති අන්වර්ථ නාමයෙන් හඳුන්වන පුද්ගලයකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත්ව සිටී.
සැකකරු මතුගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
බදුරලිය පොලිසිය පරීක්ෂණ පවත්වයි.







