මූල්‍ය ආයතනයක් පවත්වාගෙන ගොස් රුපියල් 164,185,000ක මුදලක් වංක ලෙස පරිහරණය කිරීමේ චෝදනාවට සක්විති රණසිංහ සහ ඔහුගේ බිරිඳ අද (19) කොළඹ මහාධිකරණය හමුවේ වරද පිළිගත්හ.
ඒ් නීතිපතිවරයා විසින් ඉදිරිපත් කර තිබූ සංශෝධිත චෝදනා පත්‍රය අද කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා ඉදිරියේ කියවනු ලැබූ අඅවස්ථාවේදීය.
අනතුරුව අදාළ මුදල් මාසිකව රුපියල් ලක්ෂ 50 බැගින් වූ වාරික විස්සකින් ගෙවීමටද විත්තිකරුවන් අධිකරණය හමුවේ එකඟ විය.
ඒ අනුව පළමු වාරිකය අද දිනයේ ගෙවන බව විත්තියේ නීතිඥවරු අධිකරණය හමුවේ ප්‍රකාශ කළේය.
2006 වසරේ ජනවාරි මස 1 දා සහ 2008 වසරේ සැප්තැම්බර් මස 3 වනදා අතර කාලසීමාව තුළ නුගේගොඩ ප්‍රදේශයේ සක්විති කන්ස්ට්‍රක්ෂන් සමාගම පවත්වාගෙන ගොස් එහි තැන්පතු වශයෙන් ඉදිරිපත් කර තිබූ රුපියල් 164,185,000ක මුදලක් සාවද්‍ය ලෙස පරිහරණය කළ බවට නීතිපතිවරයා විසින් විත්තිකරුවන්ට එරෙහිව සංශෝධිත චෝදනා පත්‍රයක් ඉදිරිපත් කර තිබුණි.







