ජම්මු සහ කාශ්මීර ලුතිනන් ආණ්ඩුකාර මනෝජ් සිංහ පසුගියදා 19 වැනි ආසියානු ක්‍රීඩා උළෙලට සහභාගී වීමට නියමිත ඉන්දීය වුෂු කණ්ඩායමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහ පුහුණුකරුවන් හට සිය සුබ පැතුම් එක් කළේය.
ආණ්ඩුකාරවරයා විසින් වූෂූ කණ්ඩායම පිටත්ව යාමට පෙර සුහද හමුවක් පවත්වා ඇති අතර එහිදී ක්‍රීඩකයින් සහ පුහුණුකරුවන් සමඟ සාකච්ඡාවක්ද පවත්වා ඇති බවට ආණ්ඩුකාර්වරයාගේ කාර්යාලය සඳහන් කළේය.
මෙහිදී අණ්ඩුකාරවරයා විසින් ශ්‍රීනගර් හී පුහුණු කඳවුරට එක්වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සමස්ථ ජම්මු කාශ්මීරයේ ප්‍රජාව නියෝජනය කිරමින් සුබ පැතුම් එක් කළේය. කණ්ඩායමේ හැකියාවන් පිළිබඳව තම විශ්වාසය පළ කරමින් ලුතිනන් ආණ්ඩුකාර සිංහා ප්‍රකාශ කළේ, “අපගේ කණ්ඩායම ජයග්‍රහන දිනාගෙන රට අභිමානයට පත් කරනු ඇති බවට මට විශ්වාසයි” යනුවෙනි.
වූෂු ක්‍රීඩකයින් ඉන්දීය ක්‍රීඩා අධිකාරිය, යෞවන කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශය විසින් සංවිධානය කරන ලද ශ්‍රීනගර් හි ජාතික පුහුණු කඳවුරට සහභාගී වන අතර ඉන් පසුව ඔවුන් 2023 අගෝස්තු 5 වන දින චීනය බලා පිටත්ව යනු ඇත.
ඉන්දියාව මෙවර පදක්කම් රැසක් දිනා ගැනීමට අපෙක්ෂා කරන අතර ඒ සඳහා ඉන්දීය රජය විසින් ක්‍රීඩකයින්ට අවශ්‍ය පුහුණුවීම් කිරීමට අවශ්‍ය කරනු ලබන පහසුකම් ලබාදීමට පියවරගෙන තිබිණි.
පසුගිය සමයේදී ඉන්දීය රජය එරට ක්‍රීඩා ප්‍රවර්ධනය කිරීමට විශාල වශයෙන් කැපවූ අතර ඒ සඳහා අවශ්‍ය අරමුදල් ලබාදීමටද පියවරගෙන තිබිණි.







