මැල්සිරිපුර පොලිසියෙන් තමන්ට අසාධාරණයක් වූ බව පවසමින් පුද්ගලයෙකු අද (18) පෙරවරුවේ කුරුණෑගල අධිකරණ සංකීර්ණයේ වහලය මතට නැගීමට කටයුතු කර තිබිණි.
නීතිවිරෝධී මත්පැන් ජාවාරමක් සම්බන්ධයෙන් මැල්සිරිපුර පොලිසිය විසින් තමන්ට එරෙහිව නඩු පවරා ඇති බව පවසමින් 55 හැවිරිදි මෙම පුද්ගලයා වහලය මතට නැග විරෝධය පළ කර ඇති බව වාර්තාවේ.
සිද්ධිය දැක බලා ගැනීම සඳහා විශාල පිරිසක් ද අධිකරණය ඉදිරිපිට රැස්ව සිටියහ.
කුරුණෑගල මහ නගර සභාවේ ගිනි නිවන ඒකකයේ නිලධාරීන් සමඟ පොලිස් නිලධාරීන් ඔහුව වහලෙන් බිමට ගැනීමට උත්සාහ කළහ.
(ඩේලිමිරර්)







