අරගලයට සහභාගී වූ ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයන්ගේ ගිනුම්වලට කෝටි ගණනින් මුදල් බැරවී ඇතැයි පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්සටන් ප්‍රනාන්දු පවසයි.
ඔහු කිවවේ ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයන් අරගලයෙන් කෝටි ප්රකෝටිපතියන් වූ බවය.
පසුගිය 15 වැනිදා මාතලේ පැවති උත්සවයක දී ජොන්සටන් ප්‍රනාන්දු කීවේ එසේ ගිනුම්වලට මුදල් බැරවූ සියළුදෙනා ගැනම පරික්ෂණයක් කර මුදල් බැරවූ ආකාරය පිලිබඳව වහා සොයා බැලිය යුතු බවය.
ජොන්ස්ටන් ප්‍රනාන්දු පැවසුවේ ජනතා විමුක්ති පෙරමුණේ මහමොළකරුවන් ජාන වල ඇත්තේ ක්‍රෝධය වෛරය ඊර්ෂ්‍යාව ගිනි තැබීම් හා ඝාතන සංස්කෘතික පමණක් බවය.
ඔහු ප්‍රකාශ කලේ තරුණ පරම්පරාවක් නොමග යැවූ එකම පක්ෂය ජනතා විමුක්ති පෙරමුණ බවය.
“ඩොලර් වලට යටවූ පිරිසක් රට විනාශ කරන්නේ. අපේ පොහොට්ටුව තියෙනකම් ෆැසිස්ට්වාදයට ඉඩක් නෑ. “ ජෝන්ස්ටන් ප්‍රනාන්දු වැඩිදුරටත් කීවේය.







