බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සියල්ල හරි යැයි සිතා ඉන්නා පින්වතුන්ගේ දැනගැනීම පිණිසයි…  ඔය ලෙවකමින් ඉන්නා සීනි තැවරූ  කාල බෝම්බය පිපිරෙන්න ලඟයි..

by editor
ජූලි 11, 2023
in පුවත්
Image of a time bomb against dark background. Timer counting down to detonation illuminated in a shaft light shining through the darkness, conceptual image

Image of a time bomb against dark background. Timer counting down to detonation illuminated in a shaft light shining through the darkness, conceptual image

Share on FacebookShare on Twitter
  • සීටී ස්කෑන් යන්ත්‍ර 44 න් 12ක් අක්‍රීයයි… තවත් යන්ත්‍ර කීපයක්  ක්‍රියාත්මක වෙන්නේ දොෂ සහිතව….

  • MRI යන්ත්‍ර 13 න් 3ක් කොට උඩ…

  • Cath Lab 14 න් 2 ක් වැඩ නෑ..

  • ලීනියර් ඇක්සලේටර් 10 න් 3ක් ක්‍රියා විරහිතයි..

  • පෙට් ස්කෑන් 2න්1ක් අක්‍රීයයි…

පැරසිටමෝල් පෙත්තක්වත් නැති රෝහල් අම්බලම් සේය.   නඩත්තු කරගත නොහැකි උපකරණ හා සේවා බිඳ වැටෙමින් තිබේ. ඒ අතර පණ අදිමින් ජීවිතය යදින්නේකුගේ ඉණ ඉහ අතගාගන්නවාක් බඳු නින්දිත හොරකම්ය. පිළිකා රෝගීන්ගේ එන්නතෙනුත් ගසා කමින් ඇත.

එවන් වටපිටාවක රෝහල්වල බිඳ වැටෙන වැදගත්ම සේවාවන් පිළිබඳ යථාර්ථය හෙළි වෙමින් තිබේ.

රජයේ රෝහල් පද්ධතිය සතුව පවතින බොහොමයක් යන්ත්‍රසූත්‍ර බිදවැටීම් සිදුවෙමිනි.

පිළිකා ප්‍රතිකාර යන්ත්‍රවල තත්ත්වය

Linear-Accelerator
Linear-Accelerator යන්ත්‍රයක්…

ලීනියර් ඇක්සලේටර් (Linear Accelerator) යනු පිළිකා රෝගීන් සඳහා ප්‍රතිකාර කිරීමට තිබෙන නවීනතම ප්‍රතිකාර ක්‍රමයකි

RelatedPosts

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

එමගින් යාබද නිරෝගී සෛලවලට හානියක් නොවී පිළිකා රෝග සෛල විනාශ කිරීමේ හැකියාව පවතී.

රජයේ රෝහල් පද්ධතිය සතුව ලීනියර් ඇක්සලේටර් යන්ත්‍ර 10 තිබෙන අතර ඉන් යන්ත්‍ර පහක් අපේක්ෂා රෝහලේ ද, යන්ත්‍ර දෙකක් මහනුවර ජාතික රෝහලේ ද, මඩකලපුව යාපනය කරාපිටිය යන රෝහල් වල යන්ත්‍ර එක බැගින් ද ස්ථාපනය කර ඇත.

මහනුවර ජාතික රෝහලේ තිබෙන යන්ත්‍ර දෙක පිහිටි ගොඩනැගිල්ලෙහි සිසිලන පද්ධතිය බිඳවැටීම හේතුවෙන් 2022 නොවැම්බර් 14 දා සිට එම  යන්ත්‍ර දෙක ක්‍රියාත්මක නොවේ.

ජුනි මස 22 වනදා සිට අපේක්ෂා රෝහලේ තිබෙන යන්ත්‍ර පහෙන් එක් යන්ත්‍රයක් බිඳ වැටුණු අතර  එම යන්ත්‍රය පිළිකා රෝගයෙන් පෙළෙන කුඩා දරුවන් සඳහා සඳහා විකිරණ ප්‍රතිකාර කිරීමට   භාවිතා කරනු ලැබූ යන්ත්‍රයයි.

එම යන්ත්‍රය මගින් දිනකට කුඩා ළමුන් 10 සිට 15 දක්වා ප්‍රමාණයකට ප්‍රතිකාර සිදු කළ අතර දැනට එම කුඩා දරුවන්ට ප්‍රතිකාර කිරීම නතර වී ඇත. එයට හේතුව වී ඇත්තේ එම යන්ත්‍රය යන්ත්‍රයට අදාළ සේවා ගිවිසුම් ගත වීම සිදු අදාල සේවා සපයන සමාගම වගකීමෙන් බැහැර වීමයි.

පුද්ගලික අංශයෙන් මෙම ප්‍රතිකාරයක් කර ගැනීම සඳහා ලක්ෂ පහේ සිට 15 ක මුදලක් වැය වේ.

සීටී ස්කෑන් යන්ත්‍ර

CT
CT ස්කෑන් යන්ත්‍රයක්…

රජයේ රෝහල් සතුව  සීටී ස්කෑන් යන්ත්‍ර  44 තිබෙන අතර ඉන් යන්ත්‍ර 12ක් මේ වන විට බිඳ වැටී ඇත

කරාපිටිය ශික්ෂණ රෝහල, හම්බන්තොට මහ රෝහල, බදුල්ල,  කුරුණෑගල,  මාතර, හොරණ , කළුතර, පේරාදෙණිය සිරිමාවෝ බණ්ඩාරනායක ළමා රෝහල, රත්නපුර, ශ්‍රී ලංකා ජාතික රෝහලේ හදිසි අනතුරු ඒකකයේ යන්ත්‍රය, ජාතික දන්ත රෝහල,   යන  රෝහල්වල මෙම යන්ත්‍ර බිඳ වැටීම සිදු වී තිබේ.

ඊට අමතරව කරවනැල්ල  රෝහලේ තිබෙන යන්ත්‍රයද සම්පූර්ණ ක්‍රියාකාරීත්වයේ නොමැති අතර එහි නඩත්තුවක් සිදු කළ යුතුව ඇත.

මෙම රෝහල් වල හදිසි පරීක්ෂණ කලයුතු රෝගීන් යාබද රෝහල් වෙත ප්‍රවාහනය කිරීම සඳහා මේ වන විට විශාල මුදලක් වැය වන අතර ඒ සඳහා දිගු කාලයක්ද ගත වේ.

සීටී ස්කෑන් පරීක්ෂණයක් මඟින් ශරීර අභ්‍යන්තරයේ රුධිර වහනයක් වීමක් විශේෂයෙන්ම හදිසි අනතුරකට ලක් වන රෝගියෙකුගේ මොළයේ රුධිර වහනය වීම, පිළිකා රෝග තත්ත්ව හඳුනා ගැනීම, රුධිර නාල වල ඇතිවන අවහිරතා හඳුනාගැනීම, අස්ථි පද්ධතියේ ද්විමාන සහ ත්‍රිමාන රූප ලබා ගැනීම, පෙනහලු රෝග තත්ත්ව හඳුනා ගැනීම වැනි සුවිශේෂී කාර්යයක් ඉටු කරනු ලබයි.

MRI ස්කෑන් යන්ත්‍රවල ඉරණම

MRI scan machines
MRI ස්කෑන් යන්ත්‍රයක්…

 

ඊට අමතරව, MRI ස්කෑන් යන්ත්‍ර 13ක් රජයේ රෝහල් සතුව තිබෙන අතර ඉන් 2ක් මේ වනවිට බිදවැටී ඇත

පේරාදෙණිය සිරිමාවෝ බණ්ඩාරනායක ළමා රෝහලේ යන්ත්‍ර මීට වසර 2ට පෙර බිද වැටුණ  අතර අනුරාධපුර ශික්ෂණ රෝහලේ යන්ත්‍රය ජනවාරි මස සිට බිදවැටී ඇත. අනුරාධපුර MRI  පර්යේෂණ   සඳහා පොරොත්තු ලේඛනය වසර එකහමාරක  දිගු එකකි.  කරාපිටිය රෝහලේ පොරොත්තු ලේඛනය ද වසරකට වඩා දිගුය.

MRI ස්කෑන් පරීක්ෂණය මගින් ස්නායු පද්ධතිය ආශ්‍රිත රෝග හඳුනා ගැනීමට හැකියාව ලැබෙන අතර මොළය සහ සුෂුම්නාව ආශ්‍රිතව රෝග හඳුනා ගැනීමේ  සුවිශේෂී කාර්යභාරයක් මෙමගින් සිදුවේ.

ඊට අමතරව පිළිකා රෝග හඳුනාගැනීම, අග්න්‍යාශය ආශ්‍රිත රෝග හඳුනාගැනීම, හෘදයට රුධිරය සපයන කිරීටක ධමනිවල අවහිරතා හඳුනාගැනීම, අස්ථි සල්ලි වල තිබෙන පටක වල පටකෙවල තිබෙන රෝග හඳුනා ගැනීම සහ මාංශ පේශිවල රෝග තත්ත්ව හඳුනා ගැනීම සඳහා සුවිශේෂී දායකත්වයක් ලබා දෙයි.

මෙම පරීක්ෂණයක්  පෞද්ගලික  අංශයෙන් සිදු කර ගැනීම සඳහා රුපියල් 15,000 සිට 75,000 අතර මුදලක් වැය වේ.

පෙට් ස්කෑන් පරීක්ෂණ යන්ත්‍ර

Pet ස්කෑන් යන්ත්‍ර…

පෙට් ස්කෑන් පරීක්ෂණ සිදු කරන යන්ත්‍ර දෙකක් රජයේ රෝහල් පද්ධතිය  සතුව තිබේ. ඉන් එකක් කොළඹ ජාතික රෝහලේද, අනෙක් යන්ත්‍රය අපේක්ෂා රෝහලේද ස්ථාපනය කර ඇත

එයින් අපේක්ෂා රෝහලේ තිබෙන යන්ත්‍රය මැයි මස 26 වනදා සිට එහි පරීක්ෂණ සිදු කිරීම නතර වී ඇත .එයට හේතු වී ඇත්තේ පරීක්ෂණයක් සඳහා භාවිතා කරන FDG නැමැති ඖෂධය සැපයීම නතර වීමය.

එම ඖෂධය සැපයීම සඳහා ටෙන්ඩර් කැඳවා නව සැපයුම්කරුට ලබාදී ඇති අතර නව සැපයුම්කරුගේ ඖෂධ සැපයීම ප්‍රමාද වෙමින් පවතී.

මෙම කටයුත්තේදී   අදාල පරීක්ෂණ සිදුකරන විකිරණ තාක්ෂණවේදී නිලධාරීන් තාක්ෂණික ඇගයීම් කමිටුවට සම්බන්ධ කරගෙන නොමැත. මෙවැනි ටෙන්ඩර් කටයුතු වල දී පැරණි ටෙන්ඩරය අවසන්වීමට යම් කාලයක් තිබියදී නව ටෙන්ඩරය කැඳවිය යුතු අතර ඖෂධ සැපයීම  අඛණ්ඩව පවත්වා ගැනීම සඳහා අදාළ ක්‍රියාමාර්ග ගතයුතු වේ.

පෙට් ස්කෑන් පරීක්ෂණය මගින් පිලිකාවක වර්ධනය, ක්‍රියාකාරීත්වය, පැතිරීම හඳුනා ගැනීම කළහැකිවේ. එසේම පිලිකා සහිත රෝගියකුට ප්‍රතිකාර කිරීමෙන් පසු නැවත පිලිකා සෛල වර්ධනය වීමක් වී තිබේද යන්න හඳුනා ගැනීමද සිදුකළ හැකි වේ.

මේ බිඳ වැටීමට හේතුව

මහා ලොකු හේතුවක් නැත. මෙම යන්ත්‍රවල නඩත්තුව සඳහා වූ සේවා ගිවිසුම්වලට අදාල මුදල් ගෙවා නැත. ඒ හේතුවෙන් සේවා සපයන සමාගම් සේවා සැපයීමෙන් ඉවත් වී තිබේ.

තමන්ගේම දරුවන්ට හරියට තුන්වේල කන්න දෙන්නට බැරි බවත්, උන්ට උගන්වන්නට බැරි බවත් අමතක කර මීට වසරකට පෙර තිබුණු මිලට වඩා දෙගුණයක් මිලකට QR කේතට ඉන්ධන ටික ගත් පමණින්, පෝලිමේ නොසිට ගෑස් ටික ගත් පමණින්  ප්‍රශ්නය විසඳී ඇතැයි සිතන මේ රටේ ගොබ්බයන්ට කිව යුතු දෙයක් තිබේ.

මේ සීනි තැවරූ කාල බෝම්බය   ලෙවකමින් ඉන්නට ඇත්තේ තව ටික කලක් පමණක් බව තේරුම් යනවිට අපි කිසිවෙක් ජීවතුන් අතර නොසිටින්නට පුලුවන.

එතෙක් සුවෙන් ඉන්න. –
〽රකුස් –

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

වෙඩි තබන්න සැරසෙද්දී  තුවක්කුව පත්තු නොවීම නිසා වාහනයේ හප්පා බිම දමා  කඩුවෙන් කොටා ගිහින්….

Next Post

ඖෂධ ප්‍රමිතිය ගැන කතා කරන්න… කැලෑපත්තර නොගහා ප්‍රසිද්ධියේ එන්න… ඇමතිගෙන් අභියෝගයක්!

Related Posts

පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
පුවත්

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…
  • පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.