හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂට සම්බන්ධ බව පැවසූ මල්වානේ මන්දිරය මේ වන විට රජය සතු බව අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ ඊයේ (06)) පාර්ලිමේන්තුවේදී පැහැදිලි කර ඇති බව වාර්තා වේ.
මතභේදයට තුඩු දී ඇති මල්වාන මන්දිරය සම්බන්ධයෙන් ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා කළ ප්‍රකාශයකට පිළිතුරු ලබාදෙමින් අමාත්‍යවරයා මේ බව කියා තිබේ.
මෙම මන්දිරය අධිකරණ අමාත්‍යාංශය යටතට පවරා ගැනීමට කැබිනට් අනුමැතිය ලැබී ඇති බවත් ඒ සඳහා අවශ්‍ය කටයුතු සිදු කරමින් පවතින බවත් අධිකරණ අමාත්‍යවරයා පසුගියදා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.
“මල්වාන දේපළවලට කිසිම පාර්ශ්වයක් හිමිකම් නොකියන බව පුවත්පත් හරහා දැනගත් විට මම එය අධිකරණ අමාත්‍යාංශයට පවරා ගැනීමට පසුදා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළා. එය කැබිනට් මණ්ඩලය විසින් අනුමත කළා. ක්‍රියාවලිය සෙමින් ඉදිරියට ගමන් කරනවා. එය අධිකරණ අමාත්‍යාංශයට පවරා ගැනීමට නියමිතයි. අවාසනාවකට අරගලය ක්‍රියාකාරීන් එයට ගිනි තැබුවේ එය දැන් රාජ්‍ය දේපලක් බව නොදැන විය හැකියි,” ඔහු පැවසීය.







