මේ වසරේ මුල් මාස 06 තුළ ඩෙංගු මරණ 31ක් වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය වාර්තා කරයි.
එම ඒකකයට අනුව පසුගිය දින දෙක තුළ ඩෙංගු රෝගීන් 439 දෙනෙකු හඳුනාගෙන ඇත.
ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කළේ වසරේ මේ දක්වා කාලය තුළ ඩෙංගු රෝගීන් 49,759 දෙනෙකු හඳුනාගෙන ඇති අතර, බස්නාහිර පළාතෙන් රෝගීන් 24,837 දෙනෙකු සිටින බවය.
මේ අතර, සෞඛ්‍ය බලධාරීන් විසින් රට පුරා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 61ක් ඩෙංගු අධි අවදානම් කලාප ලෙස නම් කර ඇත.







