දිනසේන රතුගමගේ –
මන්නාරම මැදවච්චිය මාර්ගයේ ඉසෙයිමාලත්තිව් ප්රදේශයේදී ඊයේ (02) වෑන් රථයක් අනතුරට ලක් වීමෙන් එහි ගමන් ගත් මන්නාරමේ මඩු දේවස්ථානයේ භාරකාර පූජක ප්රසාදීන්වහන්සේවන වන වික්ටර් සෝසෙයි පියතුමා ඇතුළු මන්නාරමේ ප්රධාන දේවස්ථාන දෙකක පූජක ප්රසාදීන්වහන්සේලා තුන් නමක් බරපතල තුවාල ලබා තිබේ.
අනතුරින් බරපතල තත්ත්වයේ පසුවන වික්ටර් සෝසෙයි පියතුමා මුරුන්කන් රෝහලට ඇතුළත් කොට ඇත.
මන්නාරම මඩු දේවස්ථානයේ සිට අධික වේගයෙන් පැමිණි මෙම වෑන් රථය ප්රධාන මාර්ගයේ විදුලි කණුවක ගැටීම නිසා සිදු මෙම අනතුර සිද්ධ වී තිබේ.
මුරුන්කන් පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා ගෙන යයි.







