සිය පරිශීලකයන්ට ඉහළ දර්ශන තත්ත්වයක් සහිත වීඩියෝ බෙදා ගත හැකි ආකාරයට WhatsApp විසින් නව විශේෂාංගයක් හඳුන්වා දී ඇති බව Wabetainfo වෙබ් අඩවිය වාර්තා කරයි.
අතීතයේදී, ක්ෂණිකව ඡායාරූප බෙදාගැනීම සඳහා මෙම යෙදවුම භාවිතා කර තිබිණි. මේ එහි වැඩි දියුණු කිරීමකි.
WhatsApp විසින් චිත්‍ර සංස්කාරකය (drawing editor) තුළ දක්වන ප්‍රවේශයක් හරහා පරිශීලකයින්ට මෙම උසස් තත්ත්වයේ වීඩියෝ බෙදාගැනීම තෝරා ගත හැකි වනු ඇත.
මෙම විශේෂාංගය වීඩියෝව එහි තත්‍ය ප්‍රමාණයන් පවත්වා ගෙන යන නමුත් අවශ්‍යනම් සුළු සම්පීඩනය කළ හැකිය.
මෙම යෙදවුම ඕනෑම වීඩියෝවක් ‘පවතින ගුණාත්මක’ තත්ත්වයෙන්ම වට්ස්ඇප් සඳහා සකසනු ඇත. .
Android සහ iOS හි WhatsApp බීටා භාවිතා කරන්නන් සඳහා මෙම විශේෂාංගය ලබා ගත හැකි අතර නුදුරු අනාගතයේ දී නිකුත් කිරීමට නියමිතය







