දිනසේන රතුගමගේ –
උතුරේ ධීවරයින් මුහුණ පා සිටින ප්‍රශ්න හා ගැටළු සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව තුළ විශාල හඩක් නගා ඔවුන්ට සහනයක් ලබා දෙන බවට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අද (2 ) උතුරේ ධීවර සංගම් නියෝජිතයින්ට පොරොන්දු විය.
දින තුනක සංචාරයක් සඳහා යාපනයට පැමිණි මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා සමග උතුරේ ධීවර සමීති සංගම් නියෝජිතයෝ විශේෂ සාකච්ඡාවක් පැවැත්වූහ.
එහිදී දිස්ත්‍රික් ධීවර සමුපකාර සමිති සම්මේලනයේ හිටපු සභාපති ඒ.අන්නරාසා, හිටපු සභාපති එන්.වර්ණකුලසිංහම් යන අය අදහස් දක්වමින් කියා සිටියේ ඉන්දීය ධීවරයින්ගේ ආක්‍රමණයට අමතරව උතුරේ ධීවරයින්ට ධීවරයින් විසින් නීතිවිරෝධී මසුන් ඇල්ලීමේ ක්‍රම භාවිත කිරීම , දේශසීමා නීති කඩ කරමින් මසුන් ඇල්ලීම , දේශීය හා විදේශීය ට්‍රෝලර් යාත්‍රා විසින් ආක්‍රමණය කිරීම, නීති විරෝධී ධීවර කටයුතු, මත්ස්‍ය සම්පත සම්පූර්ණයෙන් කොල්ලකෑම, මත්ස්‍ය ප්‍රජනන කාල සීමාවන් නොසලකා හරිමින් නීති විරෝධී ලෙස මසුන් ඇල්ලීම වැනි ප්‍රශ්න හා ගැටලු වලට මුහුණ දීමට සිදුව ඇති බවයි.
හිටපු ජනාධිපතිවරයා ධීවර සමීති නායකයින් සමග මුහුදට බැස මුහුදේ තත්ත්වයද පරීක්ෂා කොට බැලීය.







