ශ්‍රියානි විජේසිංහ –
මෙම වසරේ පළමු කාර්තුව තුළ දී වනසතුන් විසින් සිදු කරන ලද වගා හානි සම්බන්ධව පැමිණිළි 320ක් ලැබී ඇතැයි හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පුහුණු හා පර්යේෂණ ආයතනය පවසයි.
මෙම වගා හානි අතරින් වැඩිම වගා හානියක් සිදු කර තිබෙන්නේ රිළවුන් විසින් බවත් මීට අමරතව පිළිවෙළින් වල් ඌරා, මොණරා, දඩුලේනා, ඉත්තෑවා හා වදුරන් ද අයත් වෙන බව එම ආයතනය සදහන් කරයි.
විශේෂයෙන් පොල් ත්‍රිකෝණය තුළ පසුගිය වසරට පමණක් පොල් ගෙඩි මිලියන 200ක් රිළවුන් විසින් විනාශ කර දමා ඇතැයි පර්යේෂණ හා පුහුණු ආයතනය කළ පරීක්ෂණවලින් හෙළි දරව් වී තිබේ.
වන සතුන්ගෙන් සිදුවන වගා හානි වළක්වා ගැනීම සඳහා කෘෂිකර්ම අමාත්‍යාංශයේ ඉල්ලීම පරීදි හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු ආයතනය විසින් පසුගිය වසරේ දී ගොවි ජන සේවා වසම් 464ක වගා හානි සම්බන්ධව පුළුල් විමර්ශණයක් කරනු ලැබීය.







