අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ජාතික රෝහලේ සිවිලිමේ සඟවා තිබූ මිලියන 8.8ක ශල්‍ය උපකරණ ගැන මේ වනතුර පරීක්ෂණයක් නෑ… විගණකාධිපති!

අතට අල්ලා දුන් හොරකමක් පිළිබඳ රටේ ප්‍රධාන රෝහලේ හැසිරීම මෙය නම් එය බිහිසුණු බව විගණකාධිපති කියයි!

by editor
ජූනි 29, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

කොළඹ ජාතික රෝහලේ ශල්‍යාගාරයක සිවිලිමේ සඟවා තිබිය දී රුපියල් මිලියන 8.8ක් පමණ වටිනා ශල්‍ය උපකරණ තම නිලධාරීන් මැදිහත් වී සොයා දුන් බවත්, එසේ සොයා දුන් පසුත් සිද්ධිය සම්බන්ධව මේ වනතුරුත් නිසි ක්‍රියාමාර්ගයක් ගෙන නැති බවත් පාර්ලිමේන්තුවේ රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේදී විගණකාධිපති ඩබ්ලිව්. පී. සී. වික්‍රමරත්න හෙළි කළේය.

විගණකාධිපිතවරයා කීවේ සෞඛ්‍ය ක්ෂේත්‍රය මේ තරම් අර්බුදයකට ගොස් ඇති අවස්ථාවක දී අතට අල්ලා දුන් අපරාධයක් විෂයෙහි ක්‍රියාත්මකවන ආකාරය විමසන විට මේ රටේ ප්‍රධාන ජාතික රෝහලේ කළමනාකරණය පිළිබඳ බරපතල ප්‍රශ්නයක් ඇති වන බවය.

සෞඛ්‍ය අංශයේ ඉහළ බලධාරීන්ව කැඳවා තිබූ අදාළ ගිණුම් පිළිබඳ කාරක සභා රැස්වීමේ දී විගණකාධිපතිවරයා මෙසේ ද පැවසීය.

“රුපියල් මිලියන 8.8ක් වටිනා අලුත්ම ශල්‍ය වෛද්‍ය අයිතම තොගයක් කොළඹ ජාතික රෝහලේ එක්තරා ශල්‍යාගාරයක සිවිලිම උඩ තිබිලා මගේ නිලධාරින් සොයා ගන්නවා. ඒ සොයා ගන්නෙ ලැබෙන තොරතුරක් අනුව. “

“සිවිලිමට නිකම් ශල්‍ය වෛද්‍ය අයිතම යන්න විදිහක් නෑ. මේ එක සිද්ධියයක් විතරයි. මේකට බැඳුන තවත් සිද්ධි ගණනාවක් තියනවා. අප මේ ගැන පරීක්ෂණයක් කරන්න කියලා බලධාරීන්ට කිව්වා. ඒ් තවම මේක වෙලා නෑ. “

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

“මේවා මේ විදිහට වෙන්නෙ කොහොම ද?. ශල්‍ය අයිතම නෑ. කියලා රටක් කෑ ගහනවා. තියන ශල්‍ය අයිතමවලට මොකද වෙන්නේ කියන එක විශාල ගැටලුවක්. “

“මේ වගේ දෙයක් නැවත සිද්ධ නොවෙන්න මීට වඩා විධිමත් ක්‍රිියාමාර්ග ඉක්මනින් ගත යුතුයි. මේක අවුරුද්දක් තිස්සේ ඇදි ඇදි ගිහිල්ලා මේකට සම්බන්ධ පොඩි නිලධාරියෙක් සමහරවිට සේවයෙන් පහ කරයි. හැබැයි ඒ ප්‍රශ්නය එතනින් ඉවර වෙන්නේ නෑ. මීට වඩා ඍජු විදිහට, මිට වඩා විනිවිද දකින විදිහට මේ වැඩේ වෙන්න ඕන.”

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දීලා මේකේ පිටිපස්සේ කවුද ඉන්නෙ කියන එක හොයන්න ඕන. මොකද හේතුව මේ ශල්‍ය අයිතම ආයෙත් වෙන කාටවත් යන්නේ නෑ . යන්නේ මේ රටේම තියන ෆාමසිවලට. නැතිනම් වෙනත් වෙළෙඳ සමාගම්වලට. මේවම තමයි නැවතත් ආයේ රෝගින්ට දෙන්නේ. “

“ අපේ රටේ තියන ප්‍රධානම රෝහලේ තත්ත්වය මේක නම් ඒ අපරාධය සම්බන්ධව සොයා දුන්නට පස්සේ ඒ සම්බන්ධ ක්‍රියාකිරීම මේ තරම් අකාර්යක්ම නම් මේ රෝහලේ කළමනාකරණය සම්බන්ධව විශාල ප්‍රශ්නයක් තියනවා.”
විගණකාධිපතිවරයා කීවේය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

මැතිවරණ කොමිසමට සහ මානව හිමිකම් කොමිසමට සාමාජිකයන් පත් කෙරේ!

Next Post

මිලියන 57ක බැංකු තැන්පතු ආරක්ෂා කරනවා… සේවක අර්ථසාධක අරමුදල්වලට අත තබන්නේ නැහැ!

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • “අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්”… විලි ලජ්ජයි හොඳේ! යෝෂිතගේ “නේවි රෝල් එක” අධිකරණයේ දී හෙළි කළ තිත්ත කතාව…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.