විදුලිය විසන්ධි කිරීමට පැමිණි විදුලිබල මණ්ඩලයේ නිලධාරීන්ට පහර දීමට තැත් කළ යුධ හමුදා ලුතිනන් කර්නල්වරයකු පොලිස් ඇප මත මුදාහැරීමට දිවුලපිටිය පොලිසිය පියවර ගෙන ගෙන ඇත.
දිවුලපිටිය ප්රදේශයේ පිහිටි ලූතිනන් කර්නල්වරයාගේ නිවසේ විදුලි බිල්පත් නොගෙවීම හේතුවෙන් මණ්ඩලයේ නිලධාරීන් විදුලිය විසන්ධි කිරීමට පැමිණි අවස්ථාවේ ඊට එරෙහි වූ ලුතින්න කර්නල්වරයා කලහකාරීව හැසිරි ඇත.
එම අවස්ථාවේ දී ඇති වූ වචන හුවමාරුවක් දුරදිග යාමෙන් ලුතිනන් කර්නල් වරයා විදුලි බල මණ්ඩලයේ නිලධාරීන්ට පහර දීමට උත්සාහ කර තිබේ.
ඒ සම්බන්ධව නිලධාරීන් දිවුලපිටිය පොලිසියට කළ පැමිණිල්ලක් අනුව අත්අඩංගුවට ගත් ලුතිනන් කර්නල්වරයා පොලිස් ඇප මත මුදාහැරීමට පොලිසිය කටයුතු කර ඇත.







