ශ්‍රියානි විජේසිංහ
දරුවන්ට ක්ෂයරෝගය බොහෝ විට බෝවන්නේ තම නිවසෙන් බැවින් නිවසේ ක්ෂය රෝගියෙකු සිටින්නේ නම් දරුවාට රෝග කාරක බැක්ටීරියාවෙන් ආරක්ෂා වීම සඳහා දරුවාට නොකඩවා මාස 6ක් පුරා ඔෂධ ප්‍රතිකාරයන් ලබා ගැනීම අනිවාර්යයෙන්ම කළ යුතු යැයි රිජ්වේ ආර්යා ළමා රෝහලේ ශ්වසන රෝග විශේෂඥ වෛද්‍ය චන්න ද සිල්වා මහතා සඳහන් කරයි.
දරුගැබේ සිටින දරුවෙකුට වුවද ක්ෂයරෝග කාරක විෂබීජය ශරීරගත විය හැකි බවත් මෙසේ වයස අවුරුදු 1ට අඩු දරුවෙකුට රෝගකාරක විසබීජය ශරීර ගත වුවහොත් ඒය ශරීරයේ සෑම අවයවයකට ම බලපෑම් එල්ල කළ හැකි බවත් විශේෂයෙන්ම මොළයට බලපෑම් එල්ල කර මෙනින්ජයිටීස් තත්ත්වය ඇතිකර මරණය පවා සිදුකල හැකි බව විශේෂඥවරයා පෙන්වා දේ. .
ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශයන් ට අනුව රට තුළ ළමා ක්ෂයරෝගීන් සියයට 8ක් පමණ සිටිය යුතු නමුත් අප රට තුළ මේ වන විට සොයා ගැනීමට හැකිව ඇත්තේ සියයට 3ට අඩු ප්‍රතිශතයක් බවත් හඳුනා නොගත් ළමා ක්ෂයරෝගීන් හදුනා ගෙන ප්‍රතිකාර සඳහා යොමු කරවන ලෙස වෛද්‍යවරයා දෙමාපියන්ගෙන් විශේෂ ඉල්ලීමක්ද කරයි.
නිතර නිතර පවතින උණ, කැස්ස , සෙම්ප්‍රතිශ්‍යාව , කෑම අරුචිය , ක්‍රියාශීලී නොවීම වැනි ලක්ෂණ දරුවෙකු තුලින් දකිනනේ නම් වහාම ක්ෂය රෝග පරික්ෂාවක් ලක්කර ගන්නා ලෙසද වෛද්‍ය චන්නද සිල්වා මහතා සදහන් කරයි.
රජයේ රෝහල්වල ළය රෝග සායනයන්හී සියය සියයක්ම නොමිලේ ප්‍රතිකාර කරනු ලබන බැවින නොපමාව ප්‍රතිකාරයන් සදහා දරුවාව යොමු කරවන්නැයි ද ඉල්ලා සිටියි.







