සුමිත් පොතුපිටිය –
මතුගම පැලවත්ත නගර මධ්‍යයේ පුද්ගලයකු අද (16) රාත්‍රියේ මීට ස්වල්ප වෙලාවකට පෙර කපාකොටා ඝාතනය කර ඇති බව මීගහතැන්න පොලිසිය පවසයි .
මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ පැලවත්ත මිරිස්වත්ත ප්‍රදේශයේ පදිංචිව සිටී පිටිගල කංකානම්ගේ සමන් නමැති (35) හැව්රිදි පුද්ගලයකු බව පොලිසිය කීය.
පැලවත්ත නගර මධ්‍යයේ බෙහෙත් සාප්පුවක් ඉදිරිපිට පහරදීම සිදුකර ඇති බවත්, තියුණු කඩුවකින් පහරදීම සිදුකර ඇති බවට මෙතෙක් කල පරීක්ෂක වලදී තහවුරුව ඇති බවත් පොලිසිය කීය.
ඝාතකයා මෙතෙක් හදුනාගෙන නොමැති බවත් මීගහතැන්න පොලිසිය පරීක්ෂණ පවත්වන බවත් සදහන් වේ.







