බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත් පාස්කු කොමිසම

එල්.ටී.ටී.ඊය පිට දාලා මැලේසියා යැව්වෙ නැතිනම් සුරේෂ් ෂලේටත් ඉන්න වෙන්නෙ හිරේ…

පාස්කු කොමිසමේ පෙනී සිට සාක්ෂි දෙමින් හිටපු ජනපති කියයි...

by editor
ඔක්තෝබර් 13, 2020
in පාස්කු කොමිසම, පුවත්
Share on FacebookShare on Twitter
  • එන්.ජි.ඕ කාරයොයි සමහර දේශපාලකයොයි හමුදා බුද්ධි අංශ දඩයම් කරන්න ගත්තා.
  • අන්තිම කාලෙදි කිසිම ඇමති කෙනෙක් මම කියන දෙයක් අහන්නෙ නැති මට්ටමට රනිල් වික්‍රමසිංහ ඔවුන් හැසිරෙව්වා..
  • ජාතික ආරක්ෂාවට වැදගත් වෙන බුද්ධි සම්බන්ධීකරණ රැස්වීම් ලෑස්ති නොකළ ආරක්ෂක ලේකම් මටත් කරලා තියෙන්නෙ බොරුව…

විධායක ජනාධිපති ලෙස තමන් ලබාදෙන උපදෙස් පිලි නොගන්නා ලෙස හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ විසින් යහපාලන ආණ්ඩුවේ අමාත්‍ය මණ්ඩලයට උපදෙස් ලබා දී තිබු බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පාස්කු ප්‍රහාරය පළිබඳව සොයා බලන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබා දෙමින් ඊයේ (12)  අනාවරණය කළේය.

මහබැංකු බැඳුම්කර සිද්ධිය හා සිංහල බෞද්ධ සංස්කෘතියට ලොකු බලපෑමක් සිදුකළ කටයුතු ගණනාවක්  යහපාලන ආණ්ඩුව සමයේ සිදුවූ නිසා  එවකට අගමැති රනිල් වික්‍රමසිංහ එම ධුරයෙන් ඉවත් කළ බව හෙතෙම පැවසීය.

දෙවෙනි දිනට කොමිසම හමුවේ සාක්ෂි ලබා දෙන මෛත්‍රීපාල සිරිසේනගේ සාක්ෂියට සවන් දීමට මැති ඇමතිවරු කිහිපදෙනෙක් හා හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු,  හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර, රජයේ බුද්ධි ප්‍රධානී නිලන්ත ජයවර්ධන පැමිණ සිටියහ.

රජයේ අතිරේක සොලිස්ටර් ජනරාල්වරිය නැගූ ප්‍රශ්න හා ඒවාට පුරා පැය හයක් තිස්සේ හිටපු ජනාධිපති ලබාදුන් පිළිතුරුවල සංක්ෂිප්තයක් පහත දැක්වේ.

RelatedPosts

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ප්‍රශ්නය – හිටපු ජනාධිපති තුමනි. ඔබතුමා සාගල රත්නායක මහත්මා ඇමති ධූරය දරන කාලයෙ එතුමා සහ සී.අයි.ඩී. නිලධාරීන් පිරිසක් කැඳවා ප්‍රශ්න කළා ද?. මොකද ඔබ තුමා බපෑම් කිරීමේ ප්‍රතිඵලයක් ලෙස සාගල රත්නායක මහතා අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස් වූ බව මේ කොමිසම හමුවේ   සඳහන් කළා.

පිළිතුර- සාගල රත්නායක ඇමතිතුමා හා සී.අයි.ඩී. අය ගෙන්වලා හමුදා නිලධාරීන් අත්අඩංගුවට ගැනීම ගැන මම  හොඳටම දොස් කිව්වා.

ඔවුන් එදා බුද්ධි සේවයේ අධ්‍යක්ෂ සුරේශ ෂලේ අත් අඩංගුවට ගැනීම සඳහා සූදානමක් තියනවා කියලා මට දැනගන්න ලැබුනා.  ඒ හිනදා එවකට හමුදාපතිතුමා සමග සාකච්ඡා කර ෂලේට එල්.ටී.ටී.ඊ තර්ජන හා බලපෑම් තියනවා කියා ඔහු මැලේසියාවට යැව්වා. නැතිනම් ඔහු හිරේ දානවා.

හිටපු ආරක්ෂක ලේකම් ලෙස කටයුතු කළ වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා, එමෙන්ම යුද හමුදා, ගුවන් හමුදා, නාවික හමුදා ඉහළ නිලධාරීන් මට දන්වන්නෙ නැතිව උසාවියට ගේන්න අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කළා. මම එය දැනගෙන සිටියෙ නෑ හිටපු ආරක්ෂක ලේකම් තුමාගෙන් හා ඉහළ හමුදා නිලධාරීන්ගෙන් ප්‍රකාශ ලබගෙන තිබෙනවා කියලා. එලෙස ප්‍රකාශ ලබාගෙන තිබෙන්නේ  අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට ලැබුණු පැමිණිල්ලකට අනුව  බව මට දැනගන්න ලැබුණා.

පදනම් ආයතනයෙ පැවති රැස්වීමක දි මේ ගැන ටිකක් තදින් මම කතා කළා. එහිදී මම  කියා සිටියෙ අර අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ සභාපතිනිය දවල්ට අල්ලස් එකේ වැඩ කරනවා,  හවසට අරලියගහ මන්දිරයේ දේශපාලනය කරනවා කියායි.

පසුව ඇය තනතුරෙන් යන්න ගියා. ඒ වෙලාවෙ හමුදා හෝ බුද්ධි නිලධාරීන් වෙනුවෙන් පෙනී සිටියෙ මම. විවිධ රාජ්‍ය නොවන සංවිධාන හා දේශපාලඥයින්ගෙ ඕන එපාකම් අනුව තමයි මේ දේවල් වුනේ. මම මේ දේවල් ගැන කතා කරපු ගමන් රාජ්‍ය නොවන සංවිධාන ටික ප්‍රවෘත්ති සාකච්ඡා පවත්වලා නිවේදන දානවා. නැතිනම් උද්ඝෝෂණ කරනවා. ඒ නිසා තමයි සාගල රත්නායකයි සී,අයි.ඩී නිලධාරීන්වයි ගෙන්වලා මොකක්ද මේ කරන වැඩේ කියල මම ඔවුන්ගෙන් තදින්ම විමසලා හිටිය‍ෙ

මහ බැංකු බැඳුම්කර සිද්ධිය ඇතුළු සිංහල බෞද්ධ සංස්කෘතියට ලොකු බලපෑමක් වන දේවල් ගොඩක් එදා සිද්ධ වුනා. ඒවගේ කාරණා රැසක් නිසා තමයි රනිල් වික්‍රමසිංහ ඇතුළු පිරිස ඉවත්කර මම මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධුරයට පත් කළේ.

ප්‍රශ්නය – සී.අයි.ඩී. එක කළේ යුද අපරාධ සම්බන්ධ නඩු නොවෙයි ද?

නෑ ස්වාමීනි. අපට යුද අපරාධ චෝදනා තිබුණෙ නෑ…

ප්‍රශ්නය – ඔබ දොස් පැවරුවාට සී.අයි.ඩී. නිලධාරීන් තමන් කරන කටයුතු ගැන ගරු මහේස්ත්‍රාත් තුමාට කරුණු දක්වන බව ඔබ දන්නවා ද?.

පිළිතුර – ඒ ගැන මම දැනගෙන හිටියෙ නෑ. මම දොස් කිව්වෙ එන්.ජි.ඕ. කාරයො මේකට සම්බන්ධ වුන නිසයි. මොකද මට පැහැදිලි තොරතුරු ලැබුණා මේ විමර්ශන සිදුකෙරෙන්නෙ රාජ්‍ය නොවන සංවිධාන සහ දේශපාලඥයන්ගෙ අවශ්‍යතා මත කියලා.

ප්‍රශ්නය – 2018 වසරේ දෙසැම්බර් මාසයේ නීතිය හා සාමය අමාත්‍යංශ ඔබ යටතට පවරා ගැනීමෙන් පසු ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් කැඳවා මාසික රැස්වීම පැවැත්වුවා නේද?

පිළිතුර – පොලිස් දෙපාර්තමේන්තුව ශක්තිමත් කළ යුතු බව මට පෙනී ගියා. ඒ නිසයි මම එය කළේ. ඉස්ලාම් අන්තවාදීන් පමණක් නොවෙයි, සිංහල බෞද්ධ අන්තවාදය හින්දු අන්තවාදය හා ක්‍රිස්තියානි මූලධර්මවාදය ගැනත් ඔය කාලය වනවිට කතා වුණා. ඊට අවශ්‍ය පියවර ගන්නත් මම හැම විටම උපදෙස් දුන්නා.

රජ්‍ය බුද්ධි අධ්‍යක්ෂ, යුද හමුදා බුද්ධි අංශය, හමුදාපතිවරු වැනි ක්ෂේත්‍ර මේ ගැන දැනුම්වත් කළා.  රටට ආදරය කරන කෙනෙක් විදිහට මම කැමති වුනේ නෑ අන්තවාදය  හෝ ත්‍රස්තවාදය ව්‍යාප්ත වනවා දකින්න.

ප්‍රශ්නය – හිටපු ජනාධිපති තුමා… ඔබතුමා කියන විදිහට  ලබාදුන් උපදෙස් අනුව කටයුතු කළා නම් අන්තවාදීන් සංවිධානය වෙලා බෝම්බ පුපුරුවලා මිනිස් ජිවිත ගණනාවක් නැතිවුණේ කොහොම ද?

පිළිතුර – මම ලබාදුන් උපදෙස් පිලිපදින ඇතැම් නිලධාරීන් සිටියා. ත්‍රිවධ හමුදාපතිවරු හා බුද්ධි අංශ නිලධාරීන් මම දුන්න උපදෙස් අනුව ක්‍රියා කළා. නමුත් ද්වී පාර්ශවීය ආණ්ඩුවේ අනෙක් පාර්ශවයේ නායකයා උපදෙස් දී තිබුණා මම ලබාදෙන උපදෙස් අනුව කටයුතු කරන්න එපා කියලා.

ඒ නිසා මා ලබා දෙන උපදෙස් පහළ නිලධාරීන් වෙත ගලාගෙන ගියෙ නෑ. මම ඇමතිවරයෙකුට ලිඛිතව දන්වා තිබුණත් මගේ උපදෙස් පිළිපදින්න එපා කියලා අනෙක් පැත්තෙ ප්‍රධානියා කියලා තිබුණා.

2018 ඔක්තොම්බර මාසයෙන් පස්සෙ රනිල් වික්‍රමසිංහ මහත්මයා ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුවක් අරන් ඇවිත් යලි අගමැති වුනාට පසු මම කියන දෙයක් කරන මට්ටමක ඇමතිවරු හිටියෙ නෑ.  අන්තිමට ඔන්න ඕකයි සිද්ධවුනේ..

ප්‍රශ්නය – කවුද ඒ අනික් පැත්තෙ නායකයා…

පිළිතුර – වෙන කවුද?… ඒ හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ තමයි.

ප්‍රශ්නය – හිටපු අගමැතිතුමා… ඔබේ උපදෙස් පිළිගන්න එපා කිව්වා කියලා ඔබ දැනගත්තෙ කොහොම ද?

පිළිතුර –  ඒ දවස්වල එතුමා ජාතික ආර්ථික කමිටුව  ක්‍රියාත්මක කළා. ජාතික ආර්ථික සභාව තිබුණෙ මගෙ යටතේ. ඒ අනුව ජාතික ආර්ථික සභාවෙන් එන කිසිම නිර්දේශයක් පිළිගන්න එපා කියලා රනිල් වික්‍රමසිංහ මුදල් අමාත්‍යාංශයට යන මහතෙකුට උපදෙස් දීලා තිබුණා.

ප්‍රශ්නය – වර්ෂ 2015 සිට 2019 දක්වා ජනාධිපති ලේකම්වරුන් තිදෙනෙක්, ආරක්ෂක ලේකම්වරු  පස් දෙනෙක් වරින් වර සේවය කරන්න හේතුව මොකක් ද?

පිළිතුර – ජනාධිපති ලේකම්වරුන් අතරින් පළමුවෙන්ම සිටියෙ අබේකෝන් මහත්මයා. ඔහු විශ්‍රාම ගිහින් ඉන්නකොට තමයි මම ඔහුට මේ වගකීම දුන්නෙ. ඊටපස්සෙ ආයෙත් කිව්වා විශ්‍රාම සුවයෙන් ඉන්න ඕන කියලා.  ඒ ඉල්ලීමට මම ඉඩ දුන්නා. දෙවැනියා ඔස්ටින් ප්‍රනාන්දු මහත්මයා. ඔහු හොඳින් කටයුතු කරමින් ඉද්දි පුරප්පාඩු වෙච්චි ඉන්දියානු තානාපති ධුරයට යන්න ඔහුට කැමැත්තක් ආවා. ඒ අනුව ඔහු ඒ තනතුරට පත් කළා. ඉන් පසුව තමයි උදය ආර්.සෙනවිරත්න පත් කළේ.

මා යටතේ සිටි ආරක්ෂක ලේකම්වරුන් පස් දෙනා ඩී.එම්.යූ.ඩී බස්නායක, කරුණාසේන හෙට්ටිආරච්චි, කපිල වෛද්‍යරත්න, හේමසිරි ප්‍රනාන්දු සහ ශාන්ත කෝට්ටෙගොඩ. විටින් විට ආරක්ෂක ලේකම්වරු පත් කරන්න හේතු රාශියක් තිබෙනවා…. ආරක්ෂක ලේකම්වරු මාරු කරන්න හේතු අතර හමුදාපතිවරුන්ට ඇතිවූ සිත් රිදවීම් ගොඩක් තිබුණා ස්වාමීනි.  ඒ ගැන සමහරදේවල් මෙම කොමිෂන් සභාවට මම ලිඛිතව බාර දෙනවා. මොකද එහෙම කිරීමෙන් රහස්‍ය භාවය ආරක්ෂා වෙනවා.

ප්‍රශ්නය – එසේ ආරක්ෂක ලේකම්වරුන් විටින් විට මාරුකිරීම ජාතික ආරක්ෂාව සම්බන්දයෙන් ගැටලුක් නේද?

පිළිතුර – මුලින්ම කියන්න ඕන… ලේකම්වරුන් වෙනස් වුවත් ඔය කියන විදිහෙ ප්‍රශ්නයක් නම් මතුවුණේ නෑ. සෑම අඟහරුවාදටම බුද්ධි සම්බන්ධීකරන රැස්වීම පැවැතුවුණා. එතැනදි ඔය හැම කරුණක් ගැනම කතා කළා.

ඔක්කොම එතෙන්ට එතකු වෙනවා. ආරක්ෂක ලේකම් වෙනස් උනා කියලා  දැනුවත්වීමේ ගැටලුක් එන්නෙ නෑ.  මොකද ඊලඟ ආරක්ෂක කවුන්සිලයෙ ආයෙත් ඒක කතා කරනවා.  ආරක්ෂක කවුන්සිලයෙ විතරක් නොවෙයි, මම ආරක්ෂක ලේකම්  සති දෙකකට වතාවක් හෝ කැඳවලා  රටේ ආරක්ෂාව ගැන කතා කරනවා.

ප්‍රශ්නය -ඔබතුමා කියන විදිහට බුද්ධි සම්බන්ධීකරණ රැස්වීම අඟහරුවාදා දිනයේ රැස් වුණා කියලා  ඔබ හිතනව ද?

පිළිතුර – මම හිතන්නෙ මම දන්නා තරමින් රැස් වුණා. ආක්ෂක කවුන්සිලයෙන් මට කියනවා අඩුම ගානෙ රැස්වීම පැවැත්වුනා කියලා.

ප්‍රශ්නය – නමුත්  ලැබී තිබෙන දත්තවලට අනුව ආරක්ෂක බුද්ධි සම්බන්ධීකරණ රැස්වීම නිසි පරිදි රැස් වී නැති බව තහවුරු වෙනවා නේද?

පිළිතුර – මෙහෙමයි ස්වාමීනි. එයින්ම තහවුරු වෙනවා මම ආරක්ෂක ලේකම්වරු ඉවත් කිරීමෙන් සිදු කළේ  නිවැරදි ක්‍රියාවක් කියලා.  බුද්ධි අංශ රැස්වීම සතිපතා නොපැවැත්වීම ජාතික ආරක්ෂාව සඳහා කළ මූලික වගකීම පැහැර හැරීමක් ලෙසයි හැඟවෙන්නෙ.

මටත් බොරුව තමයි කරලා තිබෙන්නේ…

Tags: නවතම
Share69Tweet43
Previous Post

ප්‍රාදේශීය මාධ්‍යවේදීන් දෙදෙනෙකුට දැව ජාවාරම් කරුවෝ පහර දෙති…

Next Post

එක් අයෙකුට කොරෝනා වැළඳමත් සමග දකුණෙන් මන්නාරමට පැමිණ 60ක් අතුරදහන්…

Related Posts

පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!
  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.