දිනසේන රතුගමගේ –
ඊයේ (10) යාපනයේ වන්නයි ප්‍රදේශයේ පිහිටි වීර කාලි අම්මාන් කෝවිලේ වාර්ෂික පූජාව පැවැත්වීමට යාමේදී පූජකවරුන් දෙපිරිසක් ගුටි ඇනගැනීම එම පූජාවට පෙර ගුටි කෙළිය නතර කරන්නට පොලිසියට සිදුවී තිබේ.
මෙම කෝවිලේ පාර්ශ්ව දෙකක පූජකවරු සේවය කරන අතර මීට පෙර ඇති වූ අර්බූදයක් යාපනය අධිකරණය දක්වා යාම නිසා අවසානයේදී අධිකරණය තීරණය කොට ඇත්තේ කාලි කෝවිලේ වාර්ෂික මංගල්ලය පාර්ශ්ව දෙකේ පූජකවරු විසින් මාරුවෙන් මාරුවට සිදු කළ යුතු බවටය.
එහෙත් මෙවර කාලි කෝවිලේ වාර්ෂික පූජාව ආරම්භ කරමින් කොඩි සිටුවීමේ මංගල්ලය පැවති අවස්ථාවේදී දෙපාර්ශ්වයේම පූජකවරු එම අවස්ථාවට සහභාගී වූ අතර ඔවුන් දෙපිරිස විසින් මුලින් ආරම්භ කරණ ලද බහින් බස් වීම අවසානයේදී ගුටි කෙළියක් බවට පත්ව තිබේ.
බැතිමතුන් දහස් ගණනක් මැද පූජකවරු එකිනෙකාට ගුටි ඇන ගැනීම නිසා කොඩි සිටුවීමේ මංගල්ලය ඉබේම නතර වී ඇත..
පොලීසිය පැමිණ තත්ත්වය සමථයකට පත් කොට අධිකරණමය තීන්දුවට අනුව කටයුතු කිරීමට එක් පූජක පාර්ශ්වයකට ඉඩ සලසා දීමෙන් පසුව කෝවිලේ කොඩි එසවීමේ මංගල්ලය පවත්වා වාර්ෂික මංගල්ලය ආරම්භ කොට තිබේ.
මෙම සිද්ධියෙන් පසුව එම කාලි කෝවිලේ වාර්ෂික මංගල්ලය හමාර වන තුරු කෝවිලට දැඩි ආරක්ෂාව සපයා දීමට පොලිසිය පියවර ගෙන ඇත.







