අරගලයෙන් පසුව පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ගේ ආරක්ෂාව සඳහා වැඩි කළ පොලිස් ආරක්ෂකයින් විශාල පිරිසක් මේ වනවිට එම මන්ත්‍රීවරුන්ගේ නිවාසවල බැලකමේ යොදවා ඇති බව වාර්තා වේ.
අරගලයෙන් පසුව මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව වැඩි කිරීමට කටයුතු කිරීමේදී එතෙක් ඔවුන්ගේ ආරක්ෂාවට සිටි ආරක්ෂකයින් දෙදෙනා වෙනුවට තවත් හතර දෙනෙකු ලබාදීමට කටයුතු කළේය. ඒ අනුව පොලිසියේ හය දෙනෙක් සෑම මන්ත්‍රී වරයෙක් වෙතම ලබා දී තිබිණි.
එතෙක් සාමාන්‍ය පිළිවෙත අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් සඳහා ලබා දී තිබුණේ පොලිස් ආරක්ෂකයින් දෙදෙනෙකි. රාජ්‍ය හෝ නියෝජ්‍ය ඇමති කෙනෙකුට උප පොලිස් පරික්ෂකවරයෙකු හෝ පොලිස් පරික්ෂකවරයෙකු සමගින් කොස්තාපල්වරුන් හතර දෙනෙක් ලබා දී තිබිණි. කැබිනට් ඇමතිවරයෙකුට පොලිස් පරික්ෂකවරයෙකු හෝ ප්‍රධාන පොලිස් පරික්ෂකවරයෙකු සමග පොලිස් පොලිස් සැරයන්වරුන් සහ කොස්තාපල්වරු ඇතුළුව නිළධාරින් හත් දෙනෙකු ගේ ආරක්ෂාව ලබා දී තිබිණි.
මන්ත්‍රිවරුන්ගේ ආරක්ෂාව වැඩි කිරිමත් සමග රාජ්‍ය ඇමතිවරුන්ගේ ආරක්ෂාවද වැඩි කරන ලෙසට ඉල්ලිම් ලැබිම නිසා එතෙක් ඔවුන්ටද ලබාදි තිබු පස්දෙනෙකුගෙන් යුත් ආරක්ෂාවට තවත් ආරක්ෂක නිළධාරියෙකු එක් කර නිලධාරීන් 06 දෙනෙකුගේ සංචිතයක් යොදවා ඇත.
මිට අමතරව මැති ඇමතිවරුන්ගේ නිවාසවලටද ආදළ පොලිස් බල ප්‍රදේශයෙන් විශේෂ ආරක්ෂාවක් සැපයීමට පොලිස් දෙපාර්තමේන්තුව කටයුතු කර තිබේ..
දැන් නිර්මාණය වී ඇති තත්ත්වය වන්නේ මන්ත්‍රිවරුන්ට පෙර ගමන් රථ නොමැති නිසා ඔහුගේ ගමන් බිමන් සඳහා නිළධාරින් දෙදෙනෙකු පමණක් සම්බන්ධකර ගෙන සෙසු නිළධාරින් හතර දෙනා ගෙදර බැලකමේ යෙදවීමය.
මන්ත්‍රීවරුන්ට ලබා දී ඇති ආරක්ෂක නිළධාරින් අධීක්ෂණය සඳහා උප පොලිස් පරික්ෂකවරයෙකු හෝ පොලිස් පරික්ෂක මට්ටමේ නිලධාරින් නොමැති නිසා රාජකාරියේදි මතුව ඇති මෙම ගැටලුව උග්‍ර වී ඇතැයි පොලිස් ආරංචි මාර්ග පවසයි.
මේ පොලිස් ආරක්ෂාව ලබාගෙන නැත්තේ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රිවරුන් තිදෙනා, දෙමළ ජාතික සංධානයේ මන්ත්‍රිවරුන් දෙදෙනෙකු හා දුමින්ද දිසානායක මන්ත්‍රිවරයා ඇතුලු කිහිප දෙනෙක් පමණක් බව වාර්තා වේ.







