සබරගමු ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා මෙම දහ වැනි දින සිට සිය ධූරයෙන් ඉල්ලා අස්වන බවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත අද 8 ලිඛිතව දැනුම් දී තිබේ.
ඔහු මෙලෙස ආණ්ඩුකාර ධුරයෙන් ඉල්ලා අස් වන්නේ ඉහළින් සිදු කරන ලද දැනුම් දීමක් මත බව වාර්තා වේ. ඔහු දරන ආණ්ඩුකාර ධූරයට නවීන් දිසානායක පත් කිරීමට කටයුතු සූදානම් ව ඇති බවද අභ්‍යන්තර ආරංචි මාර්ග කියයි.
ටිකිරි කොබ්බෑකඩුව 2019 වසරේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු මේ දක්වා සබරගමුව පළාත් ආණ්ඩුකාර ධුරයේ කටයුතු කරනු ලබයි
හෙතෙම 2005 වසරේ සිට 2015 වසර දක්වා මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා ලෙස ද කටයුතු කර ඇත







