අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කුලු ගෙඩිවලින් පහර කා දුක් අපා දුක් විඳ ආපහු ගම් රට යන්න හදන තායිලන්තයේ මුතු රාජා!

by editor
ජූනි 8, 2023
in පුවත්
muthuraja
Share on FacebookShare on Twitter

ලලංක ජයකොඩි –

රට රටවල්   රාජතාන්ත්‍රික වශයෙන් සතුන් හුවමාරු කර ගැනීමේ කථාවට ඉතිහාසයක් තිබේ.  රාජ්‍ය තාන්ත්‍රිකව ගනුදෙනුවක දී පරිත්‍යාග ලෙස ලද සත්ත්වයෙක් පිළිබඳ ගෞරවණීය ලෙස සැලකීම එම අතීත සංස්කෘතිය විසින් රැකගත් සම්ප්‍රදාය තුළ විය. මක්නිසාද යත් ත්‍යාග වශයෙන් ලද සතාට දක්වන මානුෂීය සැලකීම තුළ ත්‍යාගය ලබා දුන් රාජ්‍යයය වෙත කෙරෙන ගෞරවයක් ද ප්‍රකාශ වූ බැවිනි.

එහෙත් එම ජාත්‍යාන්තර සම්ප්‍රදාය මෙන්ම ආගමික හා සංස්කෘතික සම්ප්‍රදාය ද කුඩු කළ කතාවක් මේ මොහොතේ සමාජයේ මාතෘකා වී ඇත. ඒ තායිලන්තයේ රජ පවුල මීට අවුරුදු 22ක පෙර පරත්‍යාගයක් ලෙස ලංකාවට ලැබුණු   හස්ථියෙක් සම්බන්ධයෙනි. අන්ත වද බන්ධනයට ලක්වෙමින් සිටිනබවට වූ තොරතුරු මත මේ ඇතා නැවත තායිලන්තයට ගෙන්වා ගැනීමට මේ වනවිට තායි බලධාරීන් සූදානම්ය. ඒ වෙනුවෙන් විශේෂ ගුවන් යානයක් වෙන් කිරීමට කටයුතු යොදා තිබේ.  ඇතා වෙනුවෙන් විශේෂ කූඩුවක් සැලසුම් කරමින් ඇත. දීර්ඝ ගුවන් ගමනක් සඳහා අවශ්‍ය හුරු කිරීම් වෙනුවෙන් මේ වනවිට තායි පශු වෛද්‍යවරු සහ ඇත් ගොව්වන් ඇතා සූදානම් කරමින් සිටිති. එය ඩොලර් මිලියන ගණනක ව්‍යාපෘතියකි.

මුතු රාජා ඇතා  2001 වසරේදී තායිලන්තයේ රජ පවුලෙන්  ශ්‍රී ලංකාවට ලැබුණු ත්‍යාගයකි. මුතු රාජා ශ්‍රී ලංකාවේ ගෘහාශ්‍රිතව සිටින දිගම දළ යුගලය සහිත ඉතාම දැකුම්කළු ඇතෙකි. ඔහුගේ  තායි නාමය සක්සුරීන්ය.

මුතුරාජා සෞඛ්‍යය ගැටලුව ගැන මුලින්ම කියවුණේ 2019 වසරේදීය. එම සතාගේ කකුල්  දම්වැල්වලින් බැඳ දමා තිබීම නිසා කකුල් තුවාල වීම පිළිබඳ කතාව මුතුරාජා ගැන මුලින්ම කතාබහට ලක් වූ සිදුවීමයි. ප්‍රධාන ධාරාවේ මාධ්‍ය මුතුරාජාගේ සෞඛ්‍ය ගැටලුව  පිළිබඳ එම කාල වකවානුවේ වාර්තා කළේය.

ඇතාගේ ඉදිරිපස වම් පාදයේ සහ පසුපස පාදයක ආබාධයක් ගැන සමාජ මාධ්‍යවල කරුණු වාර්තා වෙන්නේ මීට වසර කිහිපයක පෙර සිටය. එසේම ශරීරයේ ස්ථාන කිහිපයකම තුවාලද දක්නට ලැබිණි.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

අසනීප වූ මුතුරාජා සෞඛ්‍ය ආරක්ෂාව ලබා දීම පසෙක ලා දිගින් දිගටම පෙරහැර ආදීයට යොදාගෙන තිබිණි. ඇතා බලාගත් ඇත්ගොව්වා දිගින් දිගටම ඇතාගේ  පාදවලට කුලුගෙඩියකින් පහර දීමේ  ඉතා සාහසික ක්‍රියාවක් වාර්තා විය. සතාට ප්‍රතිකාර කරනවා වෙනුවට  දිගින් දිගටම හෙණ්ඩුව පාවිච්චි කර තිබිණි.

වාර්තාවන පරිදි   2022 වසරේ අගෝස්තු වන විට මුතුරාජාට ස්ථිර ඇත්ගොව්වෙක්  සිට නැත. ඒ වෙනුවට අලියා බලාගෙන ඇත්තේ රියදුරකි. රියදුරකුට අලියකු බලා ගැනීමට භාර දීම බල්ලාගෙ වැඩේ බූරුවාට භාර දීමකි. ඉහඳ තැබූ වනයක් සමඟ තුරාජා කලක් දුක්වින්දේය. ඇතා පූර්ණ කාලීන ආබාධිත සත්වයකු බවට පත් විය.

පරිසරවේදී ජයන්ත විජේසිංහ මුතුරාජා ගැන අපට කීවේ මෙවැනි කතාවකි.

“   RARE Sri Lanka කියන ආයතනය  2020 වසරේ සිටයි තායි බලධාරීන්   මේ සතා ගැන  සොයා බලන්න  කටයුතු කරන්න පටන් ගන්නේ. ප්‍රථමයෙන්ම ඔවුන් ශ්‍රී ලංකා බලධාරීන්ට කිහිප වතාවක්ම මේ ඇතා ගැන පැමිණිලි කළා. ඉන් ප්‍රයෝජනයක් අත් වුනේ නැහැ. ඇතාගේ සෞඛ්‍ය තත්ත්වය දිනෙන් දිනම පිරිහෙන්න පටන් ගැනීමත් සමග එම ආයතනය තායිලන්ත බලධාරින්ට පැමිණිලි කරනවා.”

“RARE Sri Lanka ආයතනය 2022 ජුනි මාසයේ දී තායි පාර්ලිමේන්තුවේ ඉඩම්, ස්වභාවික සම්පත් සහ පරිසරයේ සභාපති අපිචාඩ් සිරි ටූන්ටෝන් මහතාවත් ලිඛිතව දැනුවත් කරනවා. පරිසර සංරක්ෂණවේදීන් දිගටම හඬ නගනවා. ඒ සියල්ලේම ප්‍රතිඵලයක්ලෙස 2022 සැප්තැම්බර් ඇතාගේ තත්ත්වය සොයා බලන්න තායි පශුවෛද්‍යවරුන් පිරිසක් ලංකාවට එන්නේ.

ඇතා ඉන්නේ බරපතල අනතුරක බව ඒ වෛද්‍යවරු වහාම තේරුම්ගන්නවා. ඔවුන් 2022 නොවැම්බර් මාසයේ දී මුතු රාජා ඒ වනවිට සිටි කන්දෙ විහාරයෙන් වහාම ඉවත් කිරීමට කටයුතු කරනවා.”

අහිංසනයට ලක් වූ මුතුරාජා ගැන තායිලන්තයේ අදාළ බලධාරීන්ට වාර්තා වීමත් සමඟ ඔවුන් සත්වයා පිළිබඳ තීරණයක් ගැනීමට පියවර ගැණින. ශ්‍රී ලංකාවේ පරිසර සංරක්ෂණවේදීන්ට ඇතා රිදියගම සෆාරි උද්‍යානයට රැගෙන යෑමට සූදානම් වුවත්  තායි බලධාරින් එයට එරෙහි වූයේ ලක් රජයට දැඩි අතුල් පහරක් හෙලමිනි.

ගුවන් මගින් ඇතා යළි සියට රටට රැගෙන යන බවත් එසේ  රැගෙන යා හැකි මට්ටමට එනතුරු දෙහිවල සත්ත්ව උද්‍යානයේ තායි පශු වෛද්‍යවරයෙකුගේ හා තායි ඇත් ගොව්වෙකුගේ අධීක්ෂණය යටතේ  තබන ලෙසත් තායි රජය කීවේය.

දැන් තායි රජය වසරකට වැඩි කාලයක් ඇතාව සුරක්ෂිතව තබා ගැනීමට පියවර ගෙන ඇති අතර ඒ  කාලය තුළ ඇතාගේ ඇති තුවාල  සුව කිරීමටත් තායි ඇත් ගොව්වාට ඇතා හුරු කර ගැනීමත් සිදු වෙමින් පවතී.

අලියා ගුවනින් ගෙන යෑමට ඊට ගැලපෙන ගුවන් යානක් යොදා ගැනීමට ද තායි රජය කටයුතු යොදමින් තිබේ.

මේ දිගු දළ සහිත මනරම් හස්ථියා දරුණු ලෙස රෝගාතුර වී ඒ රෝගී තත්ත්වය පිළිබඳ ඇතා මෙරටට පරිත්‍යාගකල රාජ්‍යම    මැදිහත් වී සතාගේ ජීවිතය බේරා ගැනීමට කටයුතු කරනතුරු  කන්දෙ විහාරයේ භාරකාරීත්වය, මේ රටේ  සත්ත්ව අවිහිංසා සංවිධාන, බුද්ධ ශාසන අමාත්‍යංශය, මෙම සත්වයා පෙරහැරවලට යොදා ගත්   පන්සල්,  මැදිහත් වූයේ නැත.

සත්ත්වයා  නැරඹීම පැමිණි, සත්වයාගේ බඩ යටින් ගොස් ආශිර්වාදගැනීමට පැමිණි මෙරට මිනිසුන් පවා හිංසනයට ලක් වී තුවාල වි ඇති මේ සතාට සිදුකළ හිංසනය පිළිබඳව කතා කළේ නැත.   ඒ සම්බන්ධව ඇති වන්නේ ජුගුප්සාවකි.

“මුතුරාජා ආසියාවේම  දිගම දල ඇතා බවට පත් වීමේ හැකියාව ඇති බවට හඳුනාගත් සත්වයක්. එම නිසාම මෙම සුවිශේෂි ඇතා සංරක්ෂණය කිරීමේ උවමනාව සියලු බලධාරීන්ට තිබිය යුතු තිබූ උවමනාවක්. නමුත් වුණේ අනෙකක්.

මේ සත්වයා දැන් තායිලන්ත බලධාරීන් විසින් නැවත මව් රටට ගෙන යෑමට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා. ඇත්තටම මේක ශ්‍රී ලංකාව ලෝකය හමුවේ ලැජ්ජාවට පත් වෙන සිදුවීමක්.”

යැයි මේ පිළිබඳ අදහස් දක්වමින් පරිසරවේදී ජයන්ත විජේසිංහ ලංකා සර සමඟ පැවසීය.

මුතුරාජාට ශ්‍රී ලංකාව සිදු කළ හිංසනය  හෙළි වී   ලෝකය හමුවේ ශ්‍රී ලංකාව ලැජ්ජාවට පත් වී අවසන්ය. විය යුත්ත සිදු වී අවසන්ය. නමුත් තවදුරටත් මෙවන් විපත් තවත් සතකුට වීමට ඉඩ නොදෙන ලෙස නිසි ක්‍රියාමාර්ග  ගැනීමේ වැදගත්කම  මේ සිදුවීමෙන් පෙන්වා දී ඇත.

ශ්‍රී ලංකාවේ වර්තමානයේ පෙරහැර සඳහා ගෙන යන හීලෑ අලි ඇතුන් ලැයිස්තුව මෙසේය.

1.ඇලන්මැතිනියාරාමෙ සාමා ඇතින්න 2.බලංගොඩ කුමරි ඇතින්න 3.බලංගොඩ රාජා අලියා 4.කන්දෙවිහාරෙ කුමාරි ඇතින්න 5.රත්කරව්වෙ නෝනෙ ඇතින්න 6.රත්කරව්වෙ කුමාරි ඇතින්න 7.මිල්ලංගොඩ ගල්කුලමා අලියා 8.බෙල්ලන්විල මැණිකා ඇතින්න 9.රන්දෙණියෙ ලක්ෂ්මි ඇතින්න 11.රන්දෙණියෙ පූජා ඇතින්න

දළදා මාලිගාව පෙරහැර යන අලින් අතර,

1.බංඩා අලියා 2.කෝට්ටෙ රාජා 3.පුලතිසි රාජා 4.මියන් කුමාර 5.කණ්ඩුල වීරා අලියා 6.සාලිය අලියා 7.මධූ අලියා 8.කුවේණි කෙණෙර 9.රාණි කෙණෙර 10.කාංචනා කෙණෙර 11.රාණි කෙණෙර 12.දෙවුමිණි කෙණෙර 13.දෙවුමිණි කෙණෙර 14.සුද්දි කෙණෙර 15.ගංගා කෙණෙර 16.පංචාලි කෙණෙර 17.රාණි කෙණෙර 18.මාලි කෙණෙර 19.හෙට්ටි මුල්ලෙ රාජා අලියා 20.පුංචි බණ්ඩා අලියා 21.සින්දු 22.සිංහ රාජා 23.ඉන්දි රාජා 24.බුරුම රාජා 25.මියන් රාජා

නාථ දේවාල පෙරහැර

1.රෝහණ අලියා 2.කණ්ඩුල අලියා 3.විජිත රාජා අලියා 4.බණ්ඩාර අලියා 5.පූජා කෙණෙර 6.රාණි කෙණෙර 7.බිබිල අලියා 8.කුමාරි කෙණෙර 9.පාරමී කෙණෙර

විෂ්ණු දේවාල පෙරහැර

1.තාරක අලියා 2.සුරනිමල අලියා 3.මුතූ අලියා 4.සුරණි කෙණෙර 5.රෝහණ රාජා 6.වස්තු අලියා 7.මුතූ කෙණෙර 8.බංඩා අලියා 9.ගැමුණු කණ්ඩුල 10.ගගන 11.පිල්ලිමලේ 12.රාමා 13.වාසනා කෙණෙර 14.සීතා කෙණෙර

කතරගම දේවාල පෙරහැර

1.මැනිකේ කෙණෙර 2.චූලා අලියා 3.රාජු අලියා 4.සුදු මැනිකේ කෙණෙර 5.අරුණ අලියා 6.මිහිදු අලියා 7.ඇසළ අලියා

පත්තිනි දේවාල පෙරහැර

1.ඉසුරු අලියා 2.සුදු මහත්තය අලියා 3.දෙව් සුමණ අලියා 4.සංජු අලියා 5.සීතා කෙණෙර 6.චූටි මැනිකේ කෙණෙර 7.මැනිකේ කෙණෙර 8.මංගල අලියා 9.බණ්ඩාර අලියා

දේශපාලනික අරමුණු සඳහා පවා භාවිත වන හීලෑ සතුන්ගේ සෞඛ්‍යය, ජීවන තත්ත්වය, නිදහස මෙන්ම ඔවුන් ගැන නියාමනය කරන ආයතනයක් ගැන කිසිදු සඳහන් මේ වන තුරු නම් මේ රටේ නොමැත.

අලුත්ගම දේවාලය, කතරගම දේවාලය, නාථ දේවාලය, සොරමුනේ දේවාලය, ආදී දේවලවල සිටින විශාල  අලි ඇතුන්   ප්‍රමාණයේ සෞඛ්‍යය හා ජිවන තත්ත්වය පිළිබඳ නැවැරදි විගණනයක් සහිත නියාමනයක් මනුෂ්‍යත්වයේ නාමයෙන් අවශ්‍ය වී තිබේ.

අද වනවිට ගෘහාශ්‍රිතව දැඩි කරන අලින් සඳහා අවශ්‍ය ඉඩකඩ ප්‍රමාණවත් නැන. ඔවුන්ගේ සෞඛ්‍යය  – ආහාර ගැන එතරම් තැකීමක් කරනු පෙනෙන්නට නැත.   අද   සතුන් භාවිත කරන අරමුණු වෙනස්ව ගොසිනි. බොහෝ විට හීලෑ අලි – ඇතුන් සියලු දෙනා මුදල් උපයන භාණ්ඩයක් බවට පත්ව තිබේ. මෙරටට පැමිණෙන සංචාරකයන්ගෙන් සියයට 60කට වැඩි ප්‍රමාණයක්  අලියන් නැරඹීම ප්‍රමුඛ කරගෙන පැමිණෙන බව කියති.     මුතුරාජාගේ සිද්ධිය වාර්තා වන්නේ  අලින්ගෙන් හම්බ කරන රටකය. තවත් එවැනි අපරාධ සිදුවෙමින් තිබෙන රටක අපි ජීවත් වෙමින් සිටිමු.

අප රටක් ලෙස විලි ලජ්ජාවට පත්විය යුතු වන්නේ එබැවිනි.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ඇෆ්ගන් සුපිරි ක්‍රිකට් තරු වූ රෂීඩ් ඛාන් සහ යමින් අහමඩ්සායි රසට උයා දසුන්ලාටත් පිළිගැන්වූ අපූරු භෝජනය…

Next Post

යාපනය – චෙන්නායි සියවැනි ගුවන් ගමන් වාරය උත්සව කර සමරති!

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • “අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්”… විලි ලජ්ජයි හොඳේ! යෝෂිතගේ “නේවි රෝල් එක” අධිකරණයේ දී හෙළි කළ තිත්ත කතාව…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.