කීර්ති ප්රනාන්දු –
ඩොලරයේ මිල අඩුවීමේ වාසියේ උපරිමය අත් විඳින ප්රධාන පිටි සමාගමක් දෙක මීට වඩා මානුෂීය වන්නේ නම් බේකරි නිශ්පාදනවල මිල අඩුකළ හැකි බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්. කේ. ජයවර්ධන පවසයි.
ඩොලරයේ මිල අඩුවෙමින් පවතිද්දී තවමත් තමන් පිටි කිලෝවක් මිලදී ගන්නේ රුපියල් 210ක තොග මිලකට බව පවසන සභාපතිවරයා පිටි කිලෝවක මිල රුපියල් 10කින් අඩු කළහොත් පාන් ගෙඩියක මිල රුපියල් 10කින් අඩු කළ හැකි බව පෙන්වා දෙයි.
ගෑස් මිල අඩුවීම බේකරි කර්මාන්තයේ නිශ්පාදන පිරිවැයට ඍජුව බලපාන්නේ නැති බව
සමස්ත බේකරිවලින් ගෑස් භාවිතා කරන්නේ සියයට 20ක පමණ බේකරි ප්රමාණයක් බව පැවසූ සභාපතිවරයා බේකරි විශාල ප්රමාණයක් භාවිතා කරන්නේ විදුලිය, ඩීසල් සහ දර බවද පෙන්වා දුන්නේය.
එබැවින් ගෑස් මිල අඩු වූ පමණින් පාන් ඇතුළු බේකරි නිෂ්පාදනවල මිල අඩු කළ නොහැකි බව ඔහු කීවේය.







