අජාන් බ්‍රහ්මවංස හිමියන්ට කටුනායක ගුවන්තොටුපොළේදී මුහුණ දීමට සිදුවූ අපහසුතාව හේතුවෙන් ඇති වූ තත්ත්වය මාධ්‍ය වැරදි ලෙස වාර්තා කළ බවත් රටට ඇතිවූ අපකීර්තියේ වගකීම මාධ්‍ය භාරගත යුතු බවත් වරාය නාවික හා සිවිල් ගුවන්සේවා ඇමති නිමල් සිරිපාල ද සිල්වා පවසයි.
ගුවන්තොටුපලේ දී සිදුවූ ප්‍රමාදය ගැන උන්වහන්සේගෙන් සමාව අයැද සිටිමින් නිමල් සිරිපාල ද සිල්වා කීවේ තමා යටතේ පවතින ආයතනයකින් යම් වැරැද්දක් සිදුවී ඇත්නම් එය පිළිගෙන ඉදිරියේදී එවැනි සිදුවීම් ඇති නොවීමට වගබලා ගැනීම වගකීමක් බවය.
එහෙත් මේ මාධ්‍ය වාර්තා වල් බූරු ඒවා බවත් මාධ්‍ය නියාමනය සඳහා පනතක් අවශ්‍ය වන්නේ මේ නිසා බවත් කී ඇමතිවරයා මෙසේ ද පැවසුවේය.
“ අද රටේ කොහේ හරි සිද්ධියක් වුණාම මාධ්‍ය කරන්නේ ඒකට දේශපාලඥයෙක් ඈදා ගන්න එක. අගමැතිතුමා ගියේ වෙනම පරියන්තයකින්. එතුමා ඒ පැත්තට ආවේවත් නෑ. මම හිටියේ වෙන පර්යන්තයක.”
“මුලින්ම අගමැතිතුමාට මඩ ගැහුවා. පස්සේ මට මඩ ගැහුවා. මේ නිසා තමයි මාධ්‍ය නියාමන පනතක් මේ රටට අවශ්‍ය වෙන්නේ. “
මාධ්‍ය වල්බූරු විදිහට හැසිරෙනකොට වැඩ කරන්නේ කොහොමද. අපේ වැරදි පෙන්වලා දෙන්න. ඒත් ප්‍රවෘත්ති හදන්න එපා. තියෙන ප්‍රවෘත්තිය විකාශනය කරන්න. මේ සිද්ධියේදී සමහර මාධ්‍ය ආයතන වගකීමෙන් තොරව කටයුතු කළා. රටට ඇති වෙච්ච අපකීර්තියට ඒ මාධ්‍ය ආයතන වගකියන්න ඕන.







