මධ්‍යම යුක්රේන නගරයක් වන දින්ප්රෝ වෙත එල්ල කළ රුසියානු ගුවන් ප්‍රහාරයකින් ළමුන් පස් දෙනෙකු ඇතුළු 20 දෙනෙකු තුවාල ලබා ඇති බව බලධාරීහු පවසති.
එහි ප්‍රාදේශීය ආණ්ඩුකාර ෂෙරි ලයිසාක් සෙනසුරාදා ප්‍රකාශ කළේ නේවාසික දිස්ත්‍රික්කයකට එල්ල වූ ප්‍රහාරයෙන් පසු ළමුන් තිදෙනෙකු “බරපතල තත්ත්වයේ” සිටින බවයි.
පුද්ගලයින් 17 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව ඔහු ටෙලිග්‍රාම් වෙත වැඩිදුරටත් පවසා තිබේ.
Pidhorodnenska ලෙස හැඳින්වෙන ප්‍රදේශයේ සුන්බුන් යට සිටි පුද්ගලයින් සිව් දෙනෙකු හදිසි කණ්ඩායම් විසින් බේරා ගෙන ගොස් ඇති බව මාධ්‍ය වාර්තා පවසයි.
ආණ්ඩුකාර ෂෙරි ලයිසාක් ලයිසාක් පැවසුවේ තවත් දරුවෙකු තවමත් සිරවී සිටින බවයි.
යුක්රේන ජනාධිපති වැල්දමීර් සෙලන්ස්කි ද ටෙලිග්‍රාම් හි සටහන් කරමින් කියා සිටියේ නේවාසික ගොඩනැගිලි දෙකක් අතර පිපිරීම සිදු වූ බවයි.
“අවාසනාවකට මෙන්, සුන්බුන් යට මිනිසුන් සිටිති,” යනුවෙන් සෙලෙන්ස්කි ලියා තිබේ.







