ශ්‍රියානි විජේසිංහ –
මෙරටට ආනයනය කරන කරවල , හාල්මැස්සන් සහ පලතුරුවල ඊයම් හා ආසනික් පරික්ෂාව අද (01) සිට අනිවාර්ය කිරිමට සෞඛ්‍ය අමාත්‍යංශය කටයුතු කර තිබේ.
මෙටට ආනයනය කළ ඇතැම් කරවල, හැල්මැස්සන් හා පලතුරු වර්ගයන්ගේ බැරලෝහ සහ ආසනික් බොහෝ සේ අන්තර්ගතව පවතින බව සෞඛ්‍ය අමාත්‍යංශයේ ආහාර පාලන ඒකකයෙන් 2021- 2022 වසර වලදී කරන ලද ජාතික ආහාර සුරක්ෂිත තා සමීක්ෂණයේදී අනාවරණය වී තිබිණි.
මෙම තත්ත්වය මහජන සෞඛ්‍යයට හානි කරවන අතර හාල්මැස්සන් සහ පළතුරු ආනයනයේදී බැර ලෝහ සහ ආසනික් මට්ටම් පරීක්ෂා කිරීමටත් ආනයනික පළතුරුවල අඩංගු ලෙඩ් හෙවත් ඊයම් ප්‍රතිශතය පිළිබඳව පරීක්ෂා කිරීමත් අද සිට අනිවාර්යය කිරීමට තීරණය කර
මෙම ආහාර මෙරටට ආනයනය කරන්නේ නම් එහි බැර ලෝහ හා ආසනික් අඩංගු විය යුතු අවම ප්‍රමාණයට වඩා වැඩියෙන් අඩංගු නොවිමට අදාල ආනයනික සමාගම් සහ පුද්ගලයින් වගබලා ගත යුතු බව ආහාර පාලන ඒකකය මගින් ඔවුන්ට දැනුම් දී තිබේ.







