කීර්ති ප්‍රනාන්දු –
කටුනායක ගුවන් තොටුපළ විශේෂ අමුත්තන්ගේ මැදිරියේ පහසුකම් භාවිතා කරමින් රත්තරන් තොගයක් ගුවන්තොටුපලින් පන්නන්ට හැදූ පුත්තලම් දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්‍රි රහීම්ගේ ගමන් මලු තවදුරටත් පරීක්ෂා කිරීමේ දී ඒවා තුළ සඟවා නීතිවිරෝධී ලෙස රැගෙන පැමිණි ස්මාර්ට් ජංගම දුරකථන 91 ද රේගු ආදායම් අධීක්ෂණ අංශයේ නිලධාරීන් විසින් සොයා ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ සුදත්ත සිල්වා පැවසීය .

ඒ අනුව මෙම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා නීතිවිරෝධී ලෙස කටුනායක ගුවන්තොටුපලෙන් පැන්නීමට උත්සාහ කළ සමස්ථ භාණ්ඩ තොගයේ වටිනාකම රුපියල් හත් කෝටි අසූ දෙලක්ෂයක් බව රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය .
මේ වනවිට මෙම මන්ත්‍රීවරයා කොළඹ රේගු මූලස්ථානය වෙත රැගෙන විත් මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු ආරම්භ කර තිබේ .








