ඕස්ට්‍රේලියාවේ හෝබර්ට් හි Tranmere Point ප්‍රදේශයේ පෙරේදා මිය ගිය ශ්‍රී ලාංකික තරුණයෙකුගේ යැයි සැලකෙන මළ සිරුරක් සොයා ගැනීමත් සමඟ පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.
18-25 අතර මෙම පුද්ගලයා පස්වරු 1.30 ට පමණ සොයා ගත් බව පොලිසිය පවසයි. ඔහු කවුරුන්දැයි යන්න තවම නිශ්චිතවම හඳුනාගෙන නැත.
මෙම පුද්ගලයාගේ මරණයට හේතුව තීරණය කිරීම සඳහා වෛද්‍ය පරීක්ෂණ පවත්වමින් සිටියි.
සිරුර දැකගත් අවස්ථාවේ මෙම පුද්ගලයා කළු කලිසමක්, තද කොළ පැහැති ටී ෂර්ට් එකක් සහ කළු පෆර් ජැකට් එකක් පැළඳ සිටියේය.
මෙම පුද්ගලයා වෙනත් ස්ථානයක ජලයට වැටී පසුව ඔහු සිරුර හමු වූ ප්‍රදේශයට පැමිණෙන්නට ඇති බවට විමර්ශකයින් මතු කර තිබේ.







