අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අපායට ලඟ ජෙරොම් “දිවැසිවරයා”ගේ පැටිකිරිය !

by editor
මැයි 19, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

බුදුන් වහන්සේටත් අන්‍ය ආගම් ශාස්තෲවරුන්ටත් අපහාස කර රටම ඇවිලෙන විට රටින් පැනගත්  ජෙරොම් ප්‍රනාන්දු නැමැති තරුණ පාදිලියා මේ වනවිට ආගිය අතක් පිළිබඳ අවබෝධයක් නැත. ඔහු සිංගප්පූරුවට ගොස් එතැනින්  නොදන්න ගමනාන්තයකට ගොස් ඇතැයි පැවසිනි. කෙසේ වෙතත් ඔහු සිය ඉන්ස්ටග්‍රැම් ගිනුම හරහා යළි ඉරිදා ලංකාවට පැමිණෙන බවට සිය අනුගාමිකයන්ට දන්වා තිබේ.

ජෙරොම් ප්‍රනාන්දු

ආගමික අපහාස සහිත ජෙරොම් පාදිලිගේ ප්‍රකාශත් සමග ඇතිවූ නොසන්සුන්තාවය නිසා  ජනාධිපතිවරයාගේ නියමයෙන්  අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව  පරීක්ෂණ ආරම්භ කිරීමට   පෙර සිය දරුවන් සහ බිරිය සමග  රටින් පැනගත් ජෙරොම්  යළි ලංකාවට පැමිණියහොත් ගුවන්තොටුපලේ දි අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේය.  ඔහුට අනුව ජෙරොම් ප්‍රනාන්දු   ශ්‍රී ලංකාවට පැමිණියහොත් පැමිණි විගස අත්අඩංගුවට ගන්නා ලෙසට වරෙන්තු නිකුත් කර  තිබේ.

පොරොම් පාදිලි කවුද?

ස්වයං ප්‍රකාශි දිවැසිවරයෙක් ලෙස පෙනී සිටිමින් වසර දහයක් පමණ කාලයක්  තිස්සේ   අතාර්කික වත්කම් ප්‍රමාණයක් උපයාගෙන ඇති මේ ජෙරොම් ප්‍රනාන්දු කවුද, ඔහු මහෙයවන්නේ කවරෙක් ද?. ඔහු මේ තරම් ධනවතෙක් වුනේ කෙසේද?.   ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තමන්ට අවනතවන පරිදි මෙහෙයවාගත හැකි තරම් අවස්ථාවක් ජෙරොම් ප්‍රනාන්දු ස්වයං ප්‍රකාශිත දිවැසිවරයා විසින් අත්කරගත්තේ කුමන ආකාරයෙන් ද?. නොවිසඳුන ගැටලු රැසක් මැද මේ පුද්ගලයා සම්බන්ධව යම් තොරතුරු ප්‍රමාණයක් යළිත් සිහි කැඳවීමට මෙය අවස්ථාව කරගැනීම වැදගත්ය.

වර්ෂ 1999 දී වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් කණඩායමක් ඉන්දියානු සංචාරයක නිරත විය. පසුකාලීනව ශ්‍රී ලංකා කණ්ඩායමේ විශිෂ්ට භූමිකාවක් කළ  මලින්ත ගජනායක,  ප්‍රභාත් නිශ්ශංක, චාමර සිල්වා, මාලිංග බණ්ඩාර, ජෙහාන් මුබාරක්, ඉයෙන් ඩැනියෙල්ස්,  තිලිණ කණ්ඩම්බි, ප්‍රසන්න ජයවර්ධන මෙම කණ්ඩායම නියෝජනය කළේය. මෙම 19න් පහළ ක්‍රිකට් කණ්ඩායමේ කඩුළු රකින්නා ලෙස කටයුතු කළේ ශාන්ත පීතර විද්‍යාලය නියෝජනය කළ ක්‍රීඩකයෙකි. ඔහු ජෙරොම් ප්‍රනාන්දුය. ඒ කවවානුවේ ජෙරොම් ප්‍රනාන්දු කිතුනු බැතිමතෙකි.

පසුව ක්‍රීඩා සමාජ මට්ටමේ පුහුණුවීම්වල නිරතව සිටිය දී ඔහු ආබාධයකට ලක් වූ බව කියා ක්‍රිකට් අත්හැර තිබිණි. අනතුරුව ජෙරොම් ප්‍රනාන්දු වෙළෙඳ දැන්වීම් සඳහා පෙනී සිටිනා නිරූපණ ශිල්පියෙක් හා නලුවෙක් ලෙස අලුත්භූමිකාවක් ඇරඹුවේය.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ඊට අවුරුදු දහයකට පසු එක්වරම කිතු දහම නොවන වෙනත් දහමක් රටට කියමින්  පාස්ටර්වරයෙක් ලෙස ප්‍රාදූර්භූත වී පසුව ස්වයං ප්‍රකාශිත දිවැසිවරයෙක් වූයේ මේ  ජෙරොම් ප්‍රනාන්දුය.

ඔහු මේ වනවිට ප්‍රකෝටිපතියෙක් බව බුද්ධි අංශ විසින් කළ මූලික විමර්ශනයක දී පැහැදිලි වී තිබේ. ජීවිත කාල දෙකක් ක්‍රිකට් ගැසුවත් උපයාගත නොහැකි තරම් වත්කම් ප්‍රමාණයක් ඔහු සතුව  ඇති බව බැලූ බැල්මට පෙනී ගොස් ඇත.  ජෙරොම් ප්‍රනාන්දු දැන් ලංකාවේ ධනවත්ම පල්ලියක හිමිකරුවෙකි.  සිය දේශන පවත්වන  කටුනායක, වේයන්ගොඩ පාරේ මිරකල් ඩෝම්  නමැති ආගමික මධ්‍යස්ථානය ඔහුගේය. ඒ සඳහා මුළු තක්සේරු වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 09ක් පමණ බව වාර්තා වේ. ඒ සඳහා අක්කර හතරක ඉඩම ඔහුට ලබා දුන් බව කියන්නේ ඔහු විසින් සකස් කරගත් සභාවේ සාමාජිකයෙක් සහ ඔහුගේ බිරිය විසින් බව හෙළි වී තිබේ.

මිරකල් ඩෝම් තැනීම මේ වකවානුවේ සිට ආයතනය වෙත  සඳහා ආධාර කළ හැකි අවම මුදල රුපියල් ලක්ෂ 05ක් බව කියැවිනි.  එමෙන්ම ලන්ඩන්, යුරෝපය, ඇමරිකාව, හොංකොං, ඩුබායි, ඔස්ට්‍රේලියා, ඉන්දියාව, බංගලාදේශ වැනි රටවලින් හඳුනා නොගත් වත්කම් ඔහුගේ ආයතනයේ ගිනුම්වෙත බැරවී ඇතැයි ද හෙළි වී තිබේ.

ජෙරොම් ප්‍රනාන්දු මේ වනවිට උපයාගෙන ඇති  දැවැන්ත වත්කම් ප්‍රමාණය ප්‍රශ්න කෙරෙමින් ඇත.  ගල්කිස්සේ හා හැව්ලොක් සිටි අධි සුඛෝපභෝගී නිවාස සංකීර්ණ දෙකක  මිල අධිකම නිවාස දෙකක් ඔහු සතුය. හඳුනා නොගත් වත්කම් සැලකිය යුතු ප්‍රමාණයක් සම්බන්ධව තොරතුරු ලැබී ඇති බවත් ඒ සම්බන්දව වැඩිදුර විමර්ශන සිදුකිරීමට සූදානම් බවත් පොලිස් ආරංචි මාර්ග කියයි. මෙම පුද්ගලයාගේ බොහෝ වත්කම්  ඩුබායි, කටාර් හා එංගලන්තයෙ ඇති ගිණුම්වල තැන්පත්ව ඇති බවත් කියැවිනි.

ඔහු අඳින පළඳින ඇඳුම් පැළඳුම් ලෝකයේ ඉහලම ධන කුවේරයින් පාවිච්චි කරන ඒවා බව කියැවිනි. දේශනාවක් අවසථාවේ දී ඔහු අඳින ඇඳුම් කට්ටලය ලක්ෂ ගණනක් ඉක්මවන බව පැවසිනි.  මේ පරිභෝජන රටාව පවත්වා ගැනීමට ඔහුට හැකි වී ඇත්තේ කෙසේ ද , ඔහුගේ ප්‍රකාශ පසුපස සැඟවුන න්‍යාය ප්‍රයක් වේද යන්න විමර්ශන අංශවල අවධානයට ලක් වී තිබේ.

ක්‍රිකට් බෝන් අගේන් සහ ජෙරොම්

සංගලා, මහෙලලා, ක්‍රිකට් ගසද්දීත්, ක්‍රිකට් සමග බෝන් අගෙන් බලපෑම තිබිණි. චන්දික හතුරුසිංහ ප්‍රධාන පුහුණුකරුව සිටි වකවානුවේ මේ ව්‍යාධිය ක්‍රිකට්වල අප්‍රකටව ව්‍යාප්ත වී තිබූ බව කියැවිනි..

එහෙත් ජෙරොම් පාදිලි තරම් එළිපිට ක්‍රිකට්වලට බෝන් අගේන් බලපෑම කිසිවෙක් කර තිබුණේ නැත. ඒ බලපෑමේ තරම 2022 ලෝක කුසලාන විස්සයි 20 තරගාවලියේ දී ශ්‍රී ලංකා කණ්ඩායම කෙළිය පිස්සුව ගැන හොයන්නට ක්‍රීඩා ඇමති පත් කළ කුසලා සරෝජනි කමිටු වාර්තාවේ සටහන් වී තිබිණි.

බෝන් අගෙන් නම් ආගමෙන් ශ්‍රි ලංකා ක්‍රිකට් කන්ඩායමට සිදුවිය හැකි බලපෑම සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කළ යුතු  බවටත් එසේ නොකළහොත් මෙම ආගම හේතුවෙන් ක්‍රිකට් කණ්ඩායමට යම් බලෑමක් සිදුවිය හැකි  බව නිරීක්ෂණය වූ බවටත්  ඔස්ට්‍රේලියාවේ පැවැති සීමිත ඕවර 20-20 ක්‍රිකට් ලෝක කුසලාන සංචාරය සහ බෝන් අගේන් ආගමෙන් ක්‍රිකට් ක්‍රීඩාවට වී ඇති බලපෑම සම්බන්ධනේ විමර්ශනය කිරීම සඳහා ක්‍රීඩා අමාත්‍යවරයා විසින් පත් කරන ලද  විශ්‍රාම ලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කුසලා සරෝජනී වීරවර්ධන ප්‍රමුඛ පංච පුද්ගල විශේෂ පරීක්ෂණ මණ්ඩලය නිගමනය  කර තිබිණි.

ජෙරොම් පාදිලි කමිටුව ඉදිරිපිටට ගෙන්වා ඔහුගෙන් ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කර ගත්තේය. කුසලා සරෝජනී කමිටු වාර්තාව ට අනුව ජෙරොම් පාදිලි ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට බලපෑම් එල්ල කළ ආකාරය යම් ප්‍රමාණයකට හෙළි විය.

ජෙරොම් ප්‍රනාන්දු කුසලා සරෝජනී කමිටුව වෙත ගෙන්වනු  ලැබුවේය. එහිදී කමිටුව හමුවේ ඔහු කීවේ තමන් දිවැසිවරයෙක් බවය. ජේසුස් ක්‍රිස්තුත් වහන්සේ විසින් ලබා දුන් ආත්මය උපයෝගී කරගෙන දුකට සහ ආබාධයට පත්වූ බොහෝ පිරිසකට කායික සහ මානසික සුවය ලබා දෙමින් කටයුතු කරන බවත් ඔහු කීවේය. එහෙත් මේ දිවැසිවරයා කමිටුව ඉදිරියේ කරුණු වසන් කරමින් බොරු කියන බව කමිටුව නිරීක්ෂණය කර තිබිණි.

ක්‍රිකට් ක්‍රීඩාවට සම්බන්ධ කිසිවෙක් තමන්ගේ පල්ලියේ සාමාජිකයන් නොවන බව මුලින් ප්‍රකාශ කළ  ජෙරම් ප්‍රනාන්දු  පසුව   ක්‍රිකට් ක්‍රීඩවට සම්බන්ධ තම දේවස්ථානයේ සාමාජිකත්වය ගත් අනුගාමිකයන් 07 දෙනෙක් ගැන  කමිටුව ඉදිරියේ කීවේය.

රුවන් කල්පගේ, භානුක රාජපක්ෂ, ජෙෆ්රි වැන්ඩර්සේ, ලින්ඩන් හැනිබල්, රොෂාන් අබේසිංහ ඒ අතර වන බව ඔහු පිළිගත්තේය.  ඔහු කීවේ මුලින් කුමාර් සංගක්කාරත් තම දේවස්ථානයේ සාමාජිකයෙක්ව සිටි බවය. දැන් ඔහු සාමාජිකයෙක් නොවන බවත් ජෙරොම් පැවසුවේය.

භානුක ජෙරොම් පාදිලි සමග 

ධනිෂ්ක ගුණතිලක වර්ෂ 2015 දී බෝන් අගේන් ආගම වැළඳගෙන ජෙරොම් ප්‍රනාන්දුගේ අනුගාමිකයෙක් වී සිටියේය.  ඈෂ්ලි ද සිල්වා සහ  ජෙරොම් ජයරත්න බෝන් අගේන් අනුගාමිකයෝ වූහ. භානුක රාජපක්ෂ තමන්ගේ අධ්‍යාත්මික නායකයා ජෙරොම් පාදිලි බව ප්‍රසිද්ධියේ කීවේය.  ක්‍රිකට් ක්‍රීඩකයින්ට බලපෑම් කිරීමට භානුක රාජපක්ෂ,  ජෙරොම් ජයරත්න, ඈෂ්ලි ද සිල්වා සහ ක්‍රීඩා විචාරක රොෂාන් අබේසිංහත් දායක වූ බව ප්‍රකාශ විනි.

ජෙරොම්ගේ භාෂා පරිවර්තකයා රටම දන්නා ක්‍රීඩා නිවේදකයකි.  ඔහු ආමන්ත විජේසූරිය ය. ආමන්ත දැන් රූපවාහිනියෙන් ඉවත් වී ඇත. ඔහු පූර්ණ කාලීනව ජෙරොම් ප්‍රනාන්දු දිවැසිවයා ලඟ වැඩය. වාර්තා වන පරිදි දැන් ආමන්තත් ජෙරොම්ගේ පල්ලියේ පාස්ටර් කෙනෙකි.

 ජෙරොම්  දිවැසිවරයාගේ අධ්‍යාත්මික නායකයා

මුලින් කීවාක් සේ  භානුක රාජපක්ෂ තමන්ගේ අධ්‍යාත්මික නායකයා ලෙස නම් කළේ ජෙරොම් පාදිලිය. ජෙරොම් පාදිලි ඔහුගේ අධ්‍යාත්මික නායකයා බව කීවේ ඌබට් ඒන්ජල්ය. ඌබට් ඒන්ජල්  සිම්බාබ්වේ රජයේ ප්‍රබලයෙක් වනවා සේම එහි නිල නොවන දෙවැනි බලවතා බව කියැවිනි.

Ubert
ඌබර්ට් ඒන්ජල්…

දිවැසිවරයෙක් ලෙස පෙනී සිටි ජෙරොම් පාදිලිගේ අධ්‍යාත්මික නායකයා වූ ඌබට් ඒන්ජල් ද පෙනී සිටියේ දිවැසිවරයෙක් ලෙසය. දෙවියන්වහන්සේගේ සුබ පණිවිඩය අරන් පෘථිවියට බට මේ දිවැසිවරයා  පසුගිය සතියේ දී මුදල් විශුද්ධිකරණය සහ රන් ජාවාරම සම්බන්ධව නීති විරෝධී ගනුදෙනුවක් සඳහා එකඟ වෙමින් අල් ජසීරා පුවත් ඒජන්සිය සිදුකළ ගවේෂණාත්මක  ප්‍රවෘත්ති විශේෂාංගයක දී අල් ජසීරා රහස් කැමරා ඉදිරිපිට මුලුමනින්ම නිරුවත් විය.

ඒ අධ්‍යාත්මික පෙළ ගැස්ම සැකසෙන්නේ එසේය. ඒ දිවැසිවර භූමිකාව වඩාත් සමීප වන්නේ දෙවියන් වහන්සේ ලඟට නොව අපායටය.  ඛේදවාචකය වන්නේ මනුෂ්‍යයෙක් සතු විය යුතු අවම විචාර බුද්ධියත් ඉවත දමා මෙවැනි ගොබ්බයින් ඉදිරියේ සිය ආත්මයත් තමන්ගේ හැකියාව සහ පෞරුෂයත් දිය කර හැර වහලුන් වන මිනිසුන් මේ සමාජයේ අඩුවක් නැතිව සිතීමය.

මේ ගොබ්බකමේ ප්‍රමාණය තේරුම් ගැනීමට භානුක රාජපක්ෂ පමණක් වුවද ප්‍රමාණවත්ය. තමන්ගේ හැකියාව සහ ප්‍රභාව පිළිබඳ විශ්වාසය අත්හැර ජෙරොම් පාදිලිගේ ක්‍රමයට දෙවියන් ලවා ක්‍රිකට් ගැස්සීමට ගිය භානුක සිය ක්‍රිඩා ජීවිතය අවසානාවන්ත ලෙස විකෘති කරගෙන ඇත. ඔහුගේ අධ්‍යාත්මික නායකයා පොලිසියට බයෙන් රටෙන් පැනගොස් දැන් ලොවෙත් නැත.

 

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

රාජ්‍ය ව්‍යාපාර හතරක් විකිණීමට ගනුදෙනු උපදේශකයන් තෝරයි!

Next Post

ළමා අපයෝන වරදකට ඇප මත සිටිය දි සාමනේර නමකට බරපතල ලිංගික අපරාධයක් කළ චීවරධාරියා රිමාන්ඩ්!

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • “අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්”… විලි ලජ්ජයි හොඳේ! යෝෂිතගේ “නේවි රෝල් එක” අධිකරණයේ දී හෙළි කළ තිත්ත කතාව…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.