කීර්ති ප්‍රනාන්දු –
සිංහල අවුරුද්දට ගම්බිම් බලා ගිය ජනතාවට නැවත කොළඹ බලා පැමිණීමට විශේෂ දුම්රිය සේවා කිහිපයක් හෙට (16 )උදේ සිට ධාවනය කිරීමට පියවර ගෙන ඇතැයි නියෝජ්‍ය දුම්රිය සාමාන්‍යධිකාරී ගමනාගමන එන් . ජේ . ඉදිපොලගේ පැවසීය.
ඒ අනුව එම විශේෂ දුම්රිය බදුල්ල, බෙලිඅත්ත , ගාල්ල සිට කොළඹට ධාවනය කෙරෙන බව ද ඔහු කීවේය.
බෙලිඅත්ත දුම්රිය ස්ථානයෙන් උදේ 8:30 ට සහ ගාල්ල දුම්රිය ස්ථානයෙන් උදේ 6:00 ට ද බදුල්ල දුම්රිය ස්ථානයෙන් උදේ 07ට ,සවස 5:20ට සහ සවස 6 ට ද මෙම විශේෂ දුම්රිය ධාවනය කෙරේ







