ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජ්‍ය අධ්යක්ෂ කෙන්ජි ඔකුමුරා ශ්‍රී ලංකා රජය විසින් මේ වනවිට ආර්ථික ප්‍රතිසංස්කරණය වෙනුවෙන් ක්‍රියාත්මක කර ඇති වැඩසටහන අගය කිරීමට ලක් කළ බව රජය පවසයි.
වොෂින්ටන් නුවර දී මේ වනවිට පැවැත්වෙමින් ඇති ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ හා ලෝක බැංකුවේ SPRING සමුළුවට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වී සිටින මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ සමග නියෝජ්‍ය අධ්යක්ෂවරයා කළ සාකච්ඡාවක දී මේ ප්‍රකාශ කර ඇතැයි අමාත්‍යවරයාගේ මාධ්‍ය අංශය නිවේදනය කරයි.
මුදල් රාජ්‍ය අමාත්‍යවරයා හා ලෝක බැංකුවේ උප ප්‍රධානී මාටින් රේසර් ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ සහකාර ලේකම් රමින් ටොලුයි සහ ඩොනල්ඩ් ලූ සමඟ ද රජය නියෝජනය කරමින් සහභාගී වී තිබේ.
ඇමරිකානු රාජ්‍ය ලේකම්වරුන් සමග කළ සාකච්ඡාවේ දි ඇමෙරිකාව විසින් අඛණ්ඩව ශ්‍රී ලංකාවේ ආර්ථික ස්ථාවරත්වය කෙරෙහි ලබා දෙන සහයෝගය තවදුරටත් ලබා දෙන බව නැවතත් තහවුරු කළේ යැයි රාජ්‍ය අමාත්‍යවරයා විසින් නිල Twitter ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කර ඇත.







