අද දිනයේ ද අධික උෂ්ණත්වයක් දිවයිනේ ස්ථාන ගණනාවකින් වාර්තා වීම සිදුවනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පුරෝකථනය කරයි.
නැගෙනහිර, උතුරු මැද පළාත් සහ කොළඹ, ගම්පහ, කුරුණෑගල, කිලිනොච්චිය, වවුනියාව, මුලතිව්, මන්නාරම, මොණරාගල සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවල මෙසේ උෂ්ණත්වය සැළකිය ලෙස ඉහළ යා හැකි බවට එම දෙපාර්තමේන්තුව නිවේදනයය කර තිබේ.
වැඩිවේලාවක් එළිමහනට නිරාවරණය වීම මෙන්ම වැඩිවේලාවක් ක්‍රියාකාරකම්වල නිරතවීමෙන් විජලනය සහ මස්පිඩු පෙරළීම් වැනි තත්ත්වයන් ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
සෞඛ්‍ය අංශ දැනුම් දෙන්නේ වැඩබිම්වල සිටින්නන් ජලය වැඩිපුර පානය කරන ලෙසත් සෙවණ සහිත ස්ථානවල හැකි පමණ විවේක ගන්නා ලෙසත්ය.
නිවෙස් තුළ සිටින වැඩිහිටි සහ රෝගී පුද්ගලයින් පිළිබද සැළකිලිමත් වන ලෙස ද සෞඛ්‍ය අංශ ඉල්ලා සිටී.







