විශාල සුදු පැහැති සුනඛයින් තිදෙනෙකු විසින් වටකරගෙන පහර දෙමින් සිටි නවසීලන්තයේ ක්‍රිස්ට්චර්ච් ප්‍රදේශයේ පදිංචිකරුවෙකුගේ නිරුවත් මළ සිරුර නිවසේ පිටුපස දී හමු වී ඇතැයි එරට පොලීසිය වාර්තා කරයි.
රිකියානා හිරවානි නැමැති 33 හැවිරිදි මෙම පුද්ගලයා සුනඛයින් අභිජනනය කරන්නෙකු ලෙසට කටයුතු කර ඇති අතර ඔහුගේම සුනඛයින් මොහුට පහර දී මරා දමන්නට ඇතැයි පොලීසිය විශ්වාසය පළ කරයි.
ඔහුගේ අසල්වැසියන්ගෙන් පැමිණි ඇමතුමක් අනුව පොලීසිය එම ස්ථානයට ළඟා වෙන විටත් සුනඛයින් තිදෙනෙකු ඔහුගේ සිරුර වටකරගෙන සිට ඇත.
අවිගත් පොලීසිය එම සුනඛයින් පන්නා දමා හිරවානිගේ නිරුවත් මළ සිරුර අසළට ළං වීමට සමත්ව ඇතැයි ‘ඩේලිමේල්’ වෙබ් අඩවිය වාර්තා කර තිබේ.
මෙම පුද්ගලයා සුනඛයින්ට හොඳින් නොසැලකූ බවත් සුනඛයින් අභිජනනය කරමින් ‘මුදල් සොයන්නෙකු’ ලෙසට පමණක් ක්‍රියා කළත් බවත් අසල්වැසියන් පවසා තිබේ.
“ඔහුගේ සිරුරේ සෑම ඉල ඇටයක්ම දකින්න පුළුවන් වුනා..” සිද්ධිය ඇසින් දුටු පුද්ගලයෙකු පවසා ඇත. තවත් අයෙකු සඳහන් කළේ එක් ඔහුගේ පණසුන් සිරුර එක් සුනඛයෙකු විසින් තවදුරටත් සපා කමින් සිටි අතර පොලීසිය පැමිණෙන තුරු සුනඛයාව සිරුරෙන් ඈත් කිරීමට කෑ ගසන්නට සිදු වූ බවයි.
රහස් පරීක්ෂක ජ්‍යෙෂ්ඨ සැරයන් කොලින් බෙයිලි ඔහුගේ මරණයේ සැක කටයුතු කිසිවක් නොමැති බව තහවුරු කළේය.
පොලිස් අධිකරණ වෛද්‍ය විශේෂඥයින් සිද්ධිය වූ ස්ථානය තවදුරටත් පරීක්ෂා කරමින් සිටින අතර මරණය හදිසි මරණ පරීක්ෂකවරයා වෙත යොමු කර ඇත.







