ශ්‍රියානි විජේසිංහ –
ගෑස් මිල හා ඇතැම් අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල අඩුවීමේ වාසිය ජනතාවට වහාම ලබා දෙන ලෙසත් එසේ ලබා නොදෙන ආපනශාලාවන් හි පිරිසිදු භාවය පිලිබඳව රටට හෙළි කරන බවත් සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය සඳහන් කරයි.
ඇතැම් ආපනශාලාවන්හී ආහාර පිළියෙළ කිරීමේදී භාවිත කරන පොල්තෙල්, කුළු බඩු වර්ග ප්‍රමිතියෙන් බාල බවත් ආහාරපාන පිළියෙළ කරන අරක්කැමියන්ගේ පිරිසිදුතාවය ඉතා අවම මට්ටමක පවතින බවත් පෙන්වා දෙන අසේල සම්පත් පාරිභෝගිකයින්ට රජයෙන් ලැබුණ සහනය ලබා නොදෙන්නේ නම් ආපනශාලාවන්හි පවතිත හොර මැරකම් හා අපිරිසිදුකම් රටට හෙළිකරන බව පැවසුවේය.
විශේෂයෙන්ම රජයෙන් මහජනතාවට ලබා දුන් සහනයන් ලබා නොදෙන්නේ විවිධ දේශපාලන පක්ෂවලට ගැතිකම් කරන ආපනශාලා හිමියන් බැවින් ඔවුන් පිලිබඳව වහාම පාරිභෝගික අධිකාරියට දැනුම් දීමටද කටයුතු කරන බව හෙතෙම පැවසුවේය.







