සංචාරක ශ්රී ලංකා කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන තුන්වන පන්දුවාර විස්සයි විස්ස ක්රිකට් තරගය මේ වනවිට කුවින්ස්ටවුන්හිදී පැවැත්වෙමින් ඇත.
කාසියේ වාසිය දිනූ නවසීලන්ත කණ්ඩායමේ ආරාධනයෙන් පන්දුවට පහර දුන් ශ්රී ලංකා කණ්ඩායම කඩුළු 06ක් දැවී ලකුණු 182ක් ලබාගෙන සිටිති.
විශිෂ්ට ඉනිමක් ක්රීඩා කළ කුසල් මෙන්ඩිස් පන්දු 48ක් තුළ හතරේ පහර හයක් සහ හයේ පහර පහක් මගින් මනරම් ලකුණු 73ක් ලැබීය. ඔහු ලකුණු 54ක් ලැබුවේ හතරේ පහර සහ හයේ පහරවලිනි.

කුසල් පෙරේරා හයේ පහර දෙකක් සහ හතරේ පහර දෙකක් සමගින් පන්දු 21 දී ලකුණු 33ක් ලබා සිටියදී දුවද්දී දැවී ගියේය.
ධනංජය දසිල්වා පන්දු 09ක දී හයේ පහර දෙකක් සහ හතරේ පහරක් සමගින් ලකුණු 20ක් ලැබුවේ. පැතුම් නිශ්ශංක හතරේ පහර හතරක් සමගින් පන්දු 25ක දී ලකුනු 25ක් ලැබුවේය.
බෙන් ලිස්ටර් නවසීලන්තය වෙනුවේන ලකුණු 37ට කඩුලු 02ක්, සහ ඇඩම් මිල්නේ සහ ඉෂ් සෝධි කඩුල්ල බැගින් ද දවා ගත්හ. .
මේ වනවිට නවසීලන්ත කණ්ඩායම පන්දුවට පහර දෙමින් සිටිති.
ඔවුන් පන්දු ඕවර 11 ක් තුළ එක් කඩුල්ලක් පමණක් දැවී ලකුනු 107ක් ලබාගෙන සිටිති.
ටිම් සේයිෆර්ට් වේගවත් ප්රහාරයක යෙදෙමින් පන්දු 36ක් තුළ ලකුණු 68ක් රැස් කරගෙන ඇත.







